ධනංජය ලක්ශාන්, භානුක රාජපක්ෂ ඇතුළුව නවක ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකා සංචිතයට.
ශ්‍රී ලංකාව – බංගලාදේශය අතර ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය ලබන 23 වන දින ආරම්භ වීමට නියමිත අතර තරඟාවලියට ඡේෂ්ඨ ක්‍රීඩකයින් විවේක ගන්වා නවක ක්‍රීඩකයින් යොදාගන්නා බව තේරීම් කමිටුව තීරණය කර ඇත.
දිමුත් කරුණාරත්න, දිනේශ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිවුස්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා යන ක්‍රීඩකයින්ට විවේකයක් ලබා දී ඇති බව පහු ගිය දා සඳහන් විය.
ඒ අනුව බංගලාදේශය සංචාරයේ ශ්‍රී ලංකා මූලික එක්දින පුහුණු සංචිතයට නවක ක්‍රීඩක චරිත් අසලංක, කමිල් මිෂාර, ධනංජය ලක්ෂාන්, මහීෂ තීක්ෂණ, භානුක රාජපක්ෂ සහ තික්ෂිල ද සිල්වා යන ක්‍රීඩකයින් නම් කර ඇති බව වාර්ථා වෙයි.
ශ්‍රී ලංකා – බංගලාදේශය තරඟ කාල සටහන.
1. පලමු එක්දින තරඟය – මැයි 23 – Bangla National stadium, Mirpur
2. දෙවන එක්දින තරඟය – මැයි 25 – Bangla National stadium, Mirpur
3. තුන්වන එක්දින තරඟය – මැයි 28 – Bangla National stadium, Mirpur