නවසීලන්තට එරෙහි ටෙස්ට් තරඟ 2 සඳහා ශ්‍රී ලංකා සංචිතය.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර, ටෙස්ට් තරඟ දෙකකින්, එක්දින තරඟ 3කින් හා විස්සයි විස්ස තරඟ 3කින් යුත් තරඟාවලියක් මාර්තු – අප්‍රේල් මාස වලදී පැවැත්වීමට නියමිත වන අතර, ටෙස්ට් තරඟ දෙක සඳහා ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇති බවට sundayTimes වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

 

 

ටෙස්ට් තරඟාවලියේ පලමු ටෙස්ට් තරඟය මාර්තු මස 9 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, තරඟාවලියේ දෙවන තරඟය මාර්තු 17 වන දින ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස පිටියේ මේ වන විට හොඳින් දස්කම් අතර සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්ව ඇති බවට වාර්තවන අතර ඒ හේතුවෙන් බොහෝ විට ඔහුට මෙම ටෙස්ට් තරඟ දෙක අහිමිවීමට වැඩි ඉඩක් ඇති බවට සඳහන් වෙනවා.

 

 

තවද, එක්දින හා විස්සයි විස්ස තරඟ වලදී දස්කම් දැක්වීමට හැකිවුවත්, ටෙස්ට් පිටියේදී තමන්ට ලැබුනු අවස්ථා වලදී තවමත් දස්ක්ම ඇතරට පැමිණීමට නොහැකි වූ චරිත් අසලංක, මෙම සංචිතයට ඇතුළත් වී නැහැ.

මේ දිනවල පැවැත්වෙන එංගලන්ත ලයන්ස් කණ්ඩාමය හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර තරඟයේදී ශතක ලබාගනිමින් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ නිශාන් මධුශ්ක ද සංචිතයට ඇතුළු කර ඇති අතර මිලාන් රත්නායක ද සංචිතයට නම් කර තිබෙනවා.

 

 

ශ්‍රී ලංකාවේදී නිමාවූ පකිස්තානයට එරෙහිව පැවතී ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටි දඟ පන්දු යවන්නන් තිදෙනෙක් වන මහීශ් තීක්ශන, දුනිත් වෙල්ලාලගේ හා ජෙෆ්රි වැන්ඩසේ මෙවර සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

පසුගිය තරඟ කිහිපයේදී අසාර්ථක වීම හේතුවෙන්, ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූ දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය, මේ දින වල පැවැත්වෙන නැශනල් ලීග් තරඟාවලියේ දී යළි දස්කම් අතරට පැමිණීම හේතුවෙන් නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇති අතර, ප්‍රවීණ ජයවික්‍රම ද සංචිතයට ඇතුළත්.

 

 

පකිස්තානයට එරෙහිව පැවතී තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවූ, තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ද මෙම සංචි‍යට කැඳවා තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත්, ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

 

1) දිමුත් කරුණාරත්න (නායක)

 

 

2) ඕෂද ප්‍රනාන්දු

 

 

3) කුසල් මෙන්ඩිස්

 

 

4 ඇන්ජලෝ මැතිව්ස්

 

 

5) ධනංජය ද  සිල්වා

 

 

6) දිනේෂ් චන්දිමාල්

 

 

7) කමිඳු මෙන්ඩිස්

 

 

8) නිරෝෂන් දික්වැල්ල (wk)

 

 

9) නිශාන් මදුෂ්ක

 

 

10) රමේෂ් මෙන්ඩිස්

 

 

11) ප්‍රභාත් ජයසුරිය

 

 

12) චාමික කරුණාරත්න

 

 

13) කසුන් රාජිත

 

 

14) ලහිරු කුමාර

 

 

15) අසිත ප්‍රනාන්දු

 

 

16) විශ්ව ප්‍රනාන්දු

 

 

17) මිලාන් රත්නායක

 

 

18) ප්‍රවීන් ජයවික්‍රම

 

 

19) ලසිත් ඇඹුල්දෙනිය

 

 

මෙම සංචිතය නවසීලන්ත සංචාරයට පෙර රදැල්ලේදි සතියක පුහුණු කඳවුරක්‌ සදහා එක්වීමට නියමිතව ඇත..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *