නවසීලන්ත කණ්ඩායම පරදා, ඉන්දියාවට විශිෂ්ඨ ජයක්.. (Video සහිතයි)
(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැක) ඉන්දියාව හා නවසීලන්තය අතර, තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 65ක විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට හර්දික් පාන්ඩ්‍යා ප්‍රමුඛ ඉන්දියා කණ්ඩායම සමත්විය..
තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය නායක කේන් විලියම්සන්, පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 191ක් ලබාගැනීමට සමත්වුණා.
ඉන්දියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ සූර්යකුමාර් යාදෙව් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ සිය දෙවන ශතකය රැස්කර ගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 51කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 11ක් හා හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 111 ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු ඉශාන් ක්‍රිශාන් පන්දු 31කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබාගැනීමට සමත්විය. නායක හර්දික් පාන්ඩ්‍යා හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 13ක් පමණයි..
පන්දු යැවීමේදී නවසීලන්ත ක්‍රීඩක ටිම් සවුති පන්දුවාර 4 අවසානයේදී ලකුණු 34කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වූයේ කඩුලු ත්‍රිත්වයක් ද (Hat-trick) සමඟිනි..
මෙම කඩුලු ත්‍රිත්වය ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලබාගත් දෙවන කඩුලු ත්‍රිත්වය වන අතර, ලොව පන්දු යවන්නන් අතරින් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු ත්‍රිත්වයන් 2ක් ලබාගත් දෙවන පන්දු යවන්නා බවට පත්වීමට ද ටිම් සවුති සමත්වුණා.
ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු ත්‍රිත්වයන් (Hat-trick) අවස්ථා දෙකකදී ලබාගෙන ඇති ප්‍රලමු ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග වේ. (බංග්ලාදේශය කණ්ඩායම හා නවසීලන්තය කණ්ඩායමට එරෙහිව)
මෙම තරඟයේදී ටිම් සවුතිට අමතරව Lockie Ferguson පන්දුවාර 4 අවසානයේදී ලකුණු 49කට කඩුලු 2ක් හා Ish Sodhi ලකුණු 35කට එක් කඩුල්ලක් ද බිඳ දැමීමට සමත්වුණා.
අනතුරුව ලකුණු 192ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 126ක් පමණයි..
නවසීලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක කේන් විලියම්සන් පන්දු 52කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Devon Conway පන්දු 22කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබාගත් නමුත් අන් කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාවටත් ලඟා වීමට නොහැකි විය.
පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ Deepak Hooda පන්දුවාර 2.5 අවසානයේදී ලකුණු 10කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්විය. Deepak hooda ගේ පන්දු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වනුයේ Daryl Mitchell , Ish Sodhi, Tim Southee හා Adam Milne වේ.
ඊට අමතරව, Yuzvendra Chahal පන්දුවාර 4 අවසානයේදී ලකුණු 26කට කඩුලු 2ක් , මොහොමඩ් සිරාජ් ලකුණු 24කට කඩුලු 2ක් හා Buvaneshwar Kumar, Washington Sundar එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා..
ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම ලකුණු 65කින් පරාජයට පත්කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර තරඟයේදී වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ ශතකයක් ලබාගත් සූර්යකුමාර් යාදෙව් වේ.
ටිම් සවුති ලබාගත් කඩුලු ත්‍රිත්වය වීඩියෝව මෙන්න.. (Video)