නව වසරේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත තරඟ කාලසටහන නිකුත් වෙයි.
උදාවූ 2022 නව වසරේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස තරඟ කළ සටහන ඊයේ (5) නිකුත් කරනු ලැබූවා.
ශ්‍රී ලංකාව මෙම වසරේ ආසියානු කුසලාන තරංගාවලියේ සත්කාරීත්වය දැරීමට නියමිත වන අතර, තවත් ජාත්‍යන්තර තරඟාවලි තුනකට සත්කාරීත්වය ලබාදීමට නියමිත තිබෙනවා. මෙම වසරේ ශ්‍රී ලංකාවට පෑමිණීමට නියමිතව ඇති කණ්ඩායම් වනුයේ සිම්බාබ්වේ , පකිස්තානය හා ඕස්ට්‍රේලියාව වේ.
ඊට අමතරව ශ්‍රී ලංකාව, මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයද ඇතුළත්ව, තරඟාවලිය 5ක් සඳහා සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
මෙම වසරේ ශ්‍රී ලංකාව සහභාගි වන පලමු එක්දින තරඟාවලිය සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් ලබන 16 වෙනිදා ආරම්භ වීමට නියමිත වන අතර තරඟාවලිය එක්දින තරඟ තුනකින් සමන්විත වේ. මෙම තරඟාවලියද ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් වටයට ඇතුළත් වේ.
මීට අමතරව මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 8 කට සහභාගිවීමට නියමිත වන අතර ඉන්දියා කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේදී ටෙස්ට් තරග 2ක්, බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග 2ක්, ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග 2 ක්, පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 2 ක් වශයෙන් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.
විස්සයි විස්ස ලෝක කුසලානය හැරුනු විට, ශ්‍රී ලංකාව මෙම වසරේ විස්සයි තරඟ 11කට සහභාගි වීමට නියමිත වන අතර, එක්දින තරඟ 11ක් ද ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
සම්පූර්ණ වසර ගත් විට අප්‍රේල් මාසය සහ නොවැම්බර් මාසය හැරුණු විට සෙසු සෑම මාසයකදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරඟ වලට සහභාගිවීමට නියමිත බැවින් මෙම වසර් අතිශය කාර්යය බහුල වසරක් ලෙස හැඳින්විය හැක.
ඒ අතරේදී අගෝස්තු මස ආසියානු කුසලාන තරගාවලියට සත්කාරකත්වය දරනු ලබන ශ්‍රී ලංකාව ඔක්තෝම්බර් මසදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යනු ඇත.
මෙම සියලු තරඟාවලිය වලට අමතර, ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තුන්වන අදියර ද පැවැත්වීමට නියමිතයි.
තරග වැදීමට නියමිත තරගාවලි අතර දීර්ඝතම තරගාවලිය බවට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වේ. එම තරගාවලියට ටෙස්ට් තරඟ 2ක්, එක්දින තරඟ 5ක් හා විස්සයි විස්ස තරඟ 3ක් ලෙස තරඟ රටා තුනම ඇතුළත්වීම විශේෂත්වයකි.
දෙසැම්බර් මස තරගාවලිය ස්ථීර වී තිබුණත් එම සංචාරයේදී සහභාගිවන්නේ කුමන ආකෘතියේ තරගද යන්න මේ වන විටත් තීරණය වී නොමැත.
ඒ අනුව මෙම වසරේ තරඟ කාළසටහන