නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දනංජය ද සිල්වාගෙන් අගනා ශතකයක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ 11වන තරඟය ලෙස අද පැවතී ජ්ෆ්නා කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 51ක ජයක් වාර්ථා කිරීමට ජැෆ්නා කණ්ඩායම සමත් වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම පලමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 266ක් ලබාගැනීමට සමත්විය.

ජැෆ්නා ඉනිමේ කඩුලු 17 තුළ දැවිගොස් තිබූ අවස්ථාවක දඹුල්ල ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ නායක දනනංජය ද සිල්වා පන්දු 120කදී හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 101ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව සන්තුශ් ගුණතිලක පන්දු 57කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබාගත් අතර, රවිඳු ප්‍රනාන්දු පන්දු 41කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ද ලබාගැනීමට සමත්විය. ඉෂාන් ජයරත්න – 20(17)

 

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලහිරු සමරකෝන් පන්දුවාර 10 අවසානයේදී ලකුණු 61කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. ඔහුගේ පන්දු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වන්නේ සදීර සමරවික්‍රම, ලහිරු තිරිමාන්න, රවිඳු ප්‍රනාන්දු හා දනනංජය ද සිල්වා වේ.

 

ඊට අමතරව දුශාන් හේමන්ත ලකුණු 46කට කඩුලු 2ක් හා, විශ්ව ප්‍රනාන්දු ලකුණු 43කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 215ක් පමණි.

දඹුල්ල ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ සමීර සදමාල් වේ. ඔහු පන්දු 54කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් රැස්කිරීම සමත්විය.

 

 

ඊට අමතරව, ලසිත් අබේරත්න පන්දු 50කදි හතරේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබාගත් අතර, දුවිඳු තිලකරත්න පන්දු 69කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් රැස්කිරීම සමත්විය.

 

 

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් නුවන් ප්‍රදීප් පන්දුවාර 7ක් අවසානයේදී ලකුණු 40කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව ඉශාන් ජයරත්න හා දමිත සිල්වා කඩුලු දෙක බැඟින් හා, සන්තුශ් ගුණතිලක, නිමන්ද මදුසංක එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.

 

(Photo by Glyn KIRK / AFP) (Photo credit should read GLYN KIRK/AFP/Getty Images)

 

ඒ අනුව, දඹුල්ල කණ්ඩායමට තරඟාවලියේ පස්වන පරාජයත් උරුම කර දෙමින් ජැෆ්නා කණ්ඩායම තරඟාවලියේ 4වන ජය වාර්ථා කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ අගනා ශතකයක් ලබාගත් දනනංජය ද සිල්වා වේ.

 

 

නුවන් ප්‍රදීප් දවාගත් කඩුලු 3, (Video)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *