නායක දසුන් ශානකගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් අළු කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක්.
එළැඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය මඟින් සංවිධානය කළ විස්සයි-20 ක්‍රිකට් ලීග් තරගාවලිය ආරම්භ වෙමින් පලමු තරඟය ලෙස අළු (Grey) හා කොළ (Green) කණ්ඩායම් දෙක අතර පැවතී තරඟයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්ථා කිරීමට අළු කණ්ඩායම සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් Grey කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 167ක් ලබා ගැනීමට සමත් විය. අළු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක පන්දු 41කදී හතරේ පහර 7ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමෙන් ලහිරු කුමාර, ඉශාන් ජයරත්න, අශාන් ප්‍රියන්ජන්, සුමින්ද ලක්ශාන්, ලක්ශාන් සඳකැන් එක් කඩුල්ල බැඟින් ලබා ගැනීමට සමත් විය.
ලකුණු 167ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී කොළ (Green) කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 166ක් පමණි. කොළ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් පන්දු 48කදි හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වූ අතර පැතුම් නිස්සංක පන්දු 36කදී වේගවත් ලකුණු 45ක් ලබා ගැනිමට සමත් විය.
කෙසේ නමුත් ඉනිමේ අවසන් බාගයේදී කොළ කණ්ඩායමේ කඩුලු බිඳ වැටීම හේතුවෙන් අළු කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක් වාර්ථා කිරීමට සමත් විය.
අළු කණ්ඩායම වෙනුවෙන් පුලින තරංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර හතර තුළ ලකුණු 22ක් පමණක් ලබා දී කඩුලු 3ක් ලබා ගත් අතර Ashian Daniel කඩුලු 2ක් හා නුවන් ප්‍රදීප් එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය.