නායක දසුන් ශානක තවත් කඩඉමක් පසුකර යයි. ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක්.
(දසුන් ශානකගේ වේගවත් ඉනිමේ වීඩියෝ එක පහළින්ම නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ තුන්වන හා අවසන් විස්සයි විස්ස තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

පලමු තරඟ දෙකම ජයගැනීමෙ අනතුරුව මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහරදීමට තීරණය කරමින් පලමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ලකුණු 176ක් ලබාගැනීමට සමත්විය.
ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේවිඩ් වෝනර් පන්දු 33කදී ලකුණු 39ක් ලබාගත් අතර, Marcus Stoinis පන්දු 23කදී ලකුණු 38ක් හා ස්ටීව් ස්මිත් පන්දු 27කදී නොදැවී ලකුණු 37ක් ද ලබාගැනීමට සමත්වුණා.

අනතුරුව ලකුණු 177ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන දනුශ්ක ගුණතිලක හා පැතුම් නිස්සංක පලමු කඩුල්ලට ලකුණු 25කට සබඳතාවක් එක් කළ අතර දනුශ්ක ගුණතිලක පන්දු 12කදී එක් හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබාසිටියදී දැවීයාමට ලක්වුණා.
අනතුරුව පැතුම් නිස්සංක සමඟින් එක්වූ චරිත් අසලංක පන්දු 19කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද, ඉන් අනතුරුව භානුක රාජපක්ෂ පන්දු 13කදී ලකුණු 17ක් ද ලබාගත් අතර, පැතුම් නිස්සංක පන්දු 25කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබාසිටියදී දැවීගියා.
මෙම තරඟයේදීත් අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් හට පන්දු 8කදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 6ක් පමණයි. අනතුරුව වනිඳු හසරංගත් ලකුණු 8කට දැවීගියේය.
16 වන පන්දුවාරයේ හතරවන පන්දුවෙන් වනිඳු දැවීයාමත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ලකුණු 108කදී කඩුලු 6ක් ලෙස සටහන් වූ අතර, තරඟය ජයගැනීමට අවසන් පන්දු 26කදී ලකුණු 69ක් ලබාගත යුතුව තිබුණා.

අනතුරුව පිටියේ රැඳීසිටි නායක දසුන් ශානක සමඟින් එක්වූ චාමික කරුණාරත්න හට එම පන්දුවාරයේදී හා 16 වන 17 වන පන්දුවාරය අවසානයේදීත් ලබාගැනීමට හැකිවූයේ ලකුණු 10ක් පමණයි.
ඉන්අනතුරුව 18 වන පන්දුවාරයේ සිට ක්‍රියාත්මක වූ දසුන් ශානක 18 වන පන්දුවාරයේ පිට පිට හයේ පහර දෙකක් හා හතරේ පහර දෙකක් ද සමඟින් ජෝෂ් හේසල්වුඩ්ගේ පන්දුවාරයේදී ලකුණු 22ක් ලබාගත් අතර, අවසානය දක්වා පහර පිට පහර දෙමින් තරඟය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීමට දසුන් ශානක සමඟින් චාමික කරුණාරත්න සමත්වුණා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක වේගවත් අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 25කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබාගැනීමට සමත්වුණා. අද දින දසුන් ශානක ලබාගත් අර්ධ ශතකය ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ 4 වන අර්ධ ශතකයයි.

දසුන් ශානක අද ලබාගත් ලකුණු 54ත් සමඟින් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සීමාව පසුකර යාමට ද සමත්විය. මේ වන විට ඔහු ඉනිම් 64 දසුන් ශානක ලකුණු 1015ක් ලබාගෙන ඇති අතර ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 74*ක්. ඇවරේජ් – 20.71
දසුන් ශානකට අමතරව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000+ ලබාගෙන ඇති ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 7 දෙනෙක් සිටින අතර එම ක්‍රීඩකයින් හා ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණයක් පහළින්,
1) TM ඩිල්ශාන් – ඉනිම් 79කදි ලකුණු 1889ක් ලබාගෙන ඇත. එක් ශතකයක් හා අර්ධ ශතක 13කට හිමිකම් කියන ඩිල්ශාන්ගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව – 104* ( අවරේජ් 28.19)
2) කුසල් ජනිත් පෙරේරා – ඉනිම් 59කදී ලකුණු 1539ක් ලබාගෙන ඇති අතර අර්ධ ශතක 12කට හිමිකම් කියයි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 84ක් වන අතර ඉනිමක සාමාන්‍ය 26.53කි.

3) මහේල ජයවර්ධන – ඉනිම් 55කදී එක් ශතකයක් හා අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1493ක් ලබාගෙන ඇත. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 100කි..( ඇවරේජ් – 71.76)
4) කුමාර් සංගක්කාර – ඉනිම් 53කදී ලකුණු 1382ක් ලබාගෙන ඇත. අර්ධ ශතක 8කට හිමිකම් කියන ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 78කි. (ඇවරේජ් 31.40)
5) ඇන්ජලෝ මැතිව්ස් – ඉනිම් 63කදී අර්ධ 5ක් සමඟින් ලකුණු 1148ක් ලබාගෙන ඇති අතර ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 81* ක් වේ..( අවරේජ් 25.51)
6) දිනේශ් චන්දිමාල් – ඉනිම් 61කදී අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1062ක් ලබාගෙන සිටී. ඉනිමක වාර්තා වී ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 66* කි.
7) තිසර පෙරේරා – ඉනිම් 70කදී පන්දුවට පහර දෙමින් ලකුණු 1047ක් ලබාගැනීමට සමත්වූයේ අර්ධ ශතක 2ක් ද සමඟිනි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 58කි.
අද තරඟයේ ශ්‍රී ලංකාව ජයග්‍රහනය කිරීමත් සමඟින් ඕස්ට්‍රේලියා කණ්ඩායම තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළ අතර තුන්වන තරඟයේ වීරයා බවට පත්වීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්විය.
දසුන් ශානකගේ විශිෂ්ඨ ඉනිම වීඩියෝ එක මෙන්න, (VIDEO)
❤️? pic.twitter.com/9URLbmMBIk
— Stay Cricket (@staycricket) June 11, 2022