නායක දසුන් ශානක වේගවත් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වෙයි.

2022 Major Club T20 තරඟාවලියේ GROUP A තරඟයක් ලෙස අද (23) පැවතී SINHALESE කණ්ඩායම හා SL AIR SC කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 40 විශිෂ්ට ජයක් ලබාගැනීමට SINHALESE කණ්ඩායම සමත්වුණා.

 

 

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 16කට සීමාවූ මෙම තරඟයේ කාසියේ වාසිය SINHALESE කණ්ඩායමේ නායා දසුන් ශානක පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර , ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් SINHALESE කණ්ඩායම නියමිත පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 159ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වේගවත් අර්ධ ශතකයක් ලබගත් නායක දසුන් ශානක පන්දු 27කට මුහුණදෙමින් හතරේ පහරක් හා හයේ පහර 7ක් සමඟින් ලකුණු 62ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව Shevon Daniel පන්දු 24 කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු Krishan Sanjula පන්දු 22කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ද ලබාගැනීමට සමත්වුණා.. දනුශ්ක ගුණතිලක හට පන්දු 11කදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 11ක් පමණයි.

 

 

පන්දු යැවීමේදී ලසන්ද රුක්මාල් ලකුණු 26කට එක් කඩුල්ලක්, Movin Subasingha ලකුණු 19කට එක් කඩුල්ලක්, නිපුන කාරියවසම් ලකුණු 32කට එක් කඩුල්ලක් , දෙශාන් ප්‍රනාන්දු ලකුණු 51කට එක් කඩුල්ලක් හා දුලාන්ජන මෙන්ඩිස් ලකුණු 29කට එක් කඩුල්ලක් ද බිඳ දැමීමට සමත්වුණ.

 

 

අනතුරුව ලකුණු 160ක ඉලක්කයක් ලඹායෑම සඳහා පිටියට පිවිසී SL Air Force කණ්ඩායමට නියමිත පන්දුවාර 16 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 119ක් පමණයි.

SL AIR FORCE කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ  Movin Subasingha පන්දු 20කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් 2ක් සමඟින් ලකුණු 33ක් ලබාගැනීමට සමත්වුණා. (Retired Hurt)

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු Sahil Dias පන්දු 25කදී එක් හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබාගත් අතර, Sithija Chamodh පන්දු 13කදී ලකුණු 14ක් හා Udayawansha Parakrama පන්දු 15කදී ලකුණු 13ක් ද ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී kavindu Nadeeshan පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 41කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, නායක දසුන් ශානක පන්දුවාර 2කදී ලකුණු 7කට කඩුලු 2ක් හා ප්‍රබාද් ජයසූරිය , ලක්ශිත මනසිංහ එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

 

 

ඒ අනුව මේජර් ක්ලබ් T20 තරඟාවලියේ පානදුර SL Air  කණ්ඩායම පරදවා Sinhalese කණ්ඩායම ලකුණු 40ක ජයක් වාර්තා කිරීමට සමත්වුණා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක (ODI/T20) දසුන් ශානක පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ම දස්කම් දැක්වීමට සමත්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *