නායක දසුන් ශානක, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරවයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරඟය අද (11) පැවැත්වුණු අතර තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා නායක Aaron Finch පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබාගැනීමට සමත්විය..
ඕස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 33කට මුහුණදෙමින් හතරේ පහර 6ක් හා සමඟින් ලකුණු 39ක් ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව Marcus Stoinis වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 23කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබාගත් අතර, ස්ටීව් ස්මිත් පන්දු 27කදී නොදැවී ලකුණු 37ක් හා නායම Aaron Finch පන්දු 20කදී ලකුණු 29 ක් ද ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ මහීශ් තීක්ශන පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව වනිඳු හසරංග ලකුණු 33කට එක් කඩුල්ලක් හා ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 43කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

අනතුරුව ලකුණු 177ක ඉලක්කයක් ලබායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව පන්දුවාර 19.5ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්වුණා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් වේගවත් අර්ධ ශතකයක් ලබාගත් දසුන් ශානක පන්දු 25කදී හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබාගැනීමට සමත්විය.

ඊට අමතරව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 19කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබාගත් අතර, චරිත් අසලංක පන්දු 19කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද ලබාගැනීමට සමත්වුණා. චාමික කරුණාරත්න නොදැවී ලකුණු 14 (10)

චරිත් අසලංක අද ලබාගත් ලකුණු 26ත් සමඟින් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 500 සීමාව පසුකර යාමට සමත්වුණා. ඒ සඳහා ඔහු ඉනිම් 20කදී පන්දුවට පහර දී ඇති අතර ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 80කි. (ලකුණු 521)
පන්දු යැවීමේදී Marcus Stoinis පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 8කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, ජෝෂ් හේසල්වුඩ් ලකුණු 25කට කඩුලු 2ක් හා Jhye Richardson හා Ashton Agar එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

ඒ අනුව තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ තුන්වන තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ අවසන් මොහොතේ වේගවත් අර්ධ ශතකයක් ලබාගත් නායක දසුන් ශානක වේ.
දනුශ්ක ගුණතිලකගේ සුපිරි උඩපන්දුව රැකීමත් ඇතුළුව සියලුම වීඩියෝ මෙන්න, (VIDEO)
— cric fun (@cric12222) June 11, 2022
— Stay Cricket (@staycricket) June 11, 2022
Maheesh Theekshana & wanindu hasaranga ? pic.twitter.com/OlE6i4V0LN
— Stay Cricket (@staycricket) June 11, 2022