නැශනල් සුපර් ලීග් තරඟාවලියේ අද පැවතී තරඟ දෙකේ ජය නුවරට හා යාපනයට.

නැශනල් සුපිර් ලීග් තරඟාවලියේ අද (1) දින තරඟ දෙකක් පැවත්වුන අතර, එහිදී කොළඹ කණ්ඩායම පරදා යාපනය කණ්ඩායමත්, ගාල්ල කණ්ඩායම පරදා නුවර කණ්ඩාමත් ජයග්‍රහණය කිරීමට සමත්වුණා. (තරඟ දෙකේම විස්තර පහතින් සඳහන් කර ඇත) (මෙම ලිපියේ පළකර ඇති ඡායාරූප වල අයිතිය Thepapare.com වෙබ් අඩවියට)

 

තරඟාවලියේ 9වන තරඟය ලෙස පැවතී කොළඹ කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 247ක් ලබාගැනීමට සමත්වුණා.

 

කොළඹ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ අශේන් බන්ඩාර පන්දු 110කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 75ක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව, සම්මු අශාන් පන්දු 61කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබාගත් අතර ලහිරු මධුසංක පන්දු 30කදී හතරේ පහර තුනක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ද ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී නිමන්ද මධුසංක පන්දුවාර 8ක් අවසානයේදී ලකුණු 39කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, ඉශාන් ජයරත්න, ප්‍රමෝද් මධුශාන් හා සන්තුශ් ගුණතිලක අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ යාපනය කණ්ඩායම පන්දුවාර 46.4ක් අවසානයේදී කඩුලු  4ක් පමණක් දැවී ලකුණු 248ක් රැස්කරමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය. යාපනය කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ සඳීර සමරවික්‍රම පන්දු 95කදී හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 91ක් රැස්කළ අතර, ලහිරු තිරිමාන්න ද පන්දු 63කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් රැස්කිරීමට සමත්විය.

 

පන්දු යැවීමේදී කොළඹ කණ්ඩායමේ තරිඳු රත්නායක ලකුණු 56කට කඩුලු 2ක් හා ලහිරු මධුසංක ලකුණු 29කට එක් කඩුල්ලක් බිඳහෙලීය.

ඒ අනුව, කොළඹ කණ්ඩායම පරදා, යාපනය කණ්ඩායම කඩුලු 6ක පහසු ජයක් වාර්ථා කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ නොදැවී විශිෂ්ට ඉනිමක් දියත් කළ සඳීර සමරවික්‍රම වේ.

 

තරඟාවලියේ 10 වන තරඟය ලෙස නුවර කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර පැවතී තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් නුවර කණ්ඩායම පන්දුවාර 47.3ක් අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 269ක් ලබාගැනීමට සමත්විය.

 

නුවර ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 84කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 63ක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව නිරෝශන් දික්වැල්ල වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 29කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 46ක් රැස්කළ අතර, ඕෂධ ප්‍රනාන්දු පන්දු 69කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් රැස්කිරීමට සමත්විය.

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් අකිල ධනංජය පන්දුවාර 10 අවසානයේදී ලකුණු 65කට කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව කවිශ්ක අන්ජුල ලකුණු 34කට කඩුලු 2ක් හා නිමේශ් විමුක්ති, මුදිත ලක්ශාන් අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.

 

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී ගාල්ල කණ්ඩායමට සියලුමදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 173ක් පමණි. ගාල්ල ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පබසර වඩුගේ පන්දු 88කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් රැස්කළ අතර අශාන් රන්දික ලකුණු 28ක් හා නිමේශ් විමුක්ශි ලකුණු 22ක් ලබාගැනීමට සමත්විය.

 

නුවර කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ගාල්ල කණ්ඩායම පරාජය කිරීමට මූලිකත්වය ගත් පුලින තරංග පන්දුවාර 7.2ක් අවසානයේදී ලකුණු 29කට කඩුලු 6ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 36කට කඩුලු 2ක් හා ලසඳ රුක්මාල්, සහන් ආරච්චිගේ අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.

 

ඒ අනුව, ගාල්ල කණ්ඩායම පහසුවෙන්ම පරාජයට පත්කරමින් නුවර කණ්ඩායම ලකුණු 96ක දැවැන්ත ජයක් ලබාගත් අහර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 29කට කඩුලු 6ක් ලබාගත් පුලින තරංග වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *