නැශනල් සුපර් ලීග් තරඟාවලියේ පලමු තරඟය, කොළඹ කණ්ඩායම පරදා ගාල්ල කණ්ඩායම ජයගනී.
2022 නැෂනල් සුපර් ලීග් තරඟාවලිය ආරම්භ වෙමින් අද (24) පැවතී ගාල්ල කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 3ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ගාල්ල කණ්ඩායම සමත්විය.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායමේ නායක සම්මු අශාන් පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩයමට පන්දුවාර 47.3ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 213ක් පමණයි.
කොළඹ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Krishan Sanjula පන්දු 81කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, අශේන් බන්ඩාර පන්දු 50කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 27කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබාගැනීමට සමත්විය.
(මෙවර තරඟාවලියේ ලකුණු ලබාගැනීම ආරම්භ වූයේ කුසල් මෙන්ඩිස්ගේ හයේ පහරක් සමඟිනි)
පන්දු යැවීමේදී, ගාල්ල කණ්ඩායමේ මහීශ් තීක්ශන සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 9ක් අවසානයේදී ලකුණු 42කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වූ අතර, දනංජය ලක්ශාන් පන්දුවාර 7.3ක් අවසානයේදී ලකුණු 25කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.
ඊට අනතරව රමේශ් මෙන්ඩිස් ලකුණු 31කට කඩුලු දෙකක් හා, ප්‍රවීන් ජයවික්‍රම හා ජෙහාන් ඩැනියෙන් ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායම පන්දුවාර 42.4 ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 215ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.
ගාල්ල ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ප්‍රියමාල් පෙරේරා පන්දු 112කට මුහුණදෙමින් හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 98ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, තුන්ඉරියව් ක්‍රීඩක රමේශ් මෙන්ඩිස් පන්දු 62කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසී දනංජය ලක්ශාන් පන්දු 34කදී ලකුණු 29ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ප්‍රබාත් ජයසූරිය ලකුණු 40කට කඩුලු 2ක් හා කවිඳු නදීශාන් ලකුණු 43කට කඩුලු 2ක් ලබාගත් අතර, තරිඳු රත්නායක හා අශේන් බන්ඩාර අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.
ඒ අනුව, මෙවර සුපර් ලීග් තරඟාවලිය ආරම්භ වෙමින් පැවතී පලමු තරඟයෙන් කොළඹ කණ්ඩායම පරදා ගාල්ල කණ්ඩායම කඩුලු 3ක ජයක් ලබාගැනීමට සමත් විය.