නැශනල් සුපර් ලීග් සිව්දින තරඟාවලියේ ශූරතාවය නුවර කණ්ඩායමට.

නැශනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලෙස නුවර කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර පැවතී තරඟය පසුගිය 10 වෙනිදා අවසන් වූ අතර, තරඟයේ පලමු ඉනිම ජයගත් නුවර කණ්ඩායමට තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් නුවර කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් පලමු ඉනිම සඳහා සියලුම දෙනා දැවි ලකුණු 444ක් ලබාගැනීමට සමත්විය.

නුවර පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඕෂධ ප්‍රනාන්දු විශිෂ්ට ශතකයක් රැස්කරගත් අතර ඔහු පන්දු 154කදී හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 109ක් ලබාගත්තා.

 

 

ඊට අමතරව, නායක කමිඳු මෙන්ඩිස් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 167කට මුහුණදෙමින්, හතරේ පහර 7ක් සමඟින් ලකුණු 87ක් හා, ආරම්භක පිතිකරු Kasun Vidura පන්දු 124කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබාගත් අතර, කමිල් මිශාර ද පන්දු 126කදී ලකුණු 56ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් Dilum Sudeera ලකුණු 86කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, නායක දනංජය ද සිල්වා ලකුණු 96කට කඩුලු 3ක්, ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 97කට කඩුලු 2ක් හා දුනිත් වෙල්ලාලගේ ලකුණු 49කට එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත්වුණා.

 

 

අනතුරුව යාපනය කණ්ඩායම පලමු ඉනිම ආරම්භක කළ අතර ඔවුන්ට පලමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 227ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Nishan Madushka පන්දු 124කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් රැස්කර අතර, Dilum Sudeera පන්දු 88කදී හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව නායක දනංජය ද සිල්වා ලකුණු 30ක් ලබාගත් අතර අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟාවීමට නොහැකි විය.

පන්දු යැවීමේදී නුවර කණ්ඩායමේ ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දුවාර 39ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 100කට කඩුලු 4ක් ලබාගැනීමට සමත්වූ අතර, Ashian Daniel ලකුණු 89කට කඩුලු 3ක්, අසිත ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 2ක් හා පුලින තරංග ලකුණු 11කට එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත්විය.

 

 

පලමු ඉනිමේ ලබාගත් ලකුණු 217ක වාසියත් සමඟින් නුවර කණ්ඩායම දෙවන ඉනිම ආරම්භක කළ අතර, තරඟයට නියමිත දිනය අවන් වන විට ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 52ක් ලබාගෙන තිබිණි..

දැවී ගිය කඩුල්ල ලෙස කමිල් මිශාර පන්දු 29කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබාගත් අතර, නොදැවී කඩුල්ලේ රැඳී සිටි කසුන් විදුර ලකුණු 16ක් හා ඕෂධ ප්‍රනාන්දු ලකුණු 9ක් ලබාගෙන සිටියහ.

 

 

මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා නුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් වන අතර, ඔහු ඉනිම් 11කදී ලකුණු 886ක් ලබාගෙන ඇත.

තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් පස්දෙනා මෙන්න.

1) කමිඳු මෙන්ඩිස් – ලකුණු 886
තරඟ 6 , ඉනිම් 11යි. පිතිකරණ සාමාන්‍ය (Average) – 80.54

2) ඕෂධ ප්‍රනාන්දු – ලකුණු 721
තරඟ 6 , ඉනිම් 11යි. පිතිකරණ සාමාන්‍ය (Average) – 80.11

3) ලහිරු උදාර – ලකුණු 464
තරඟ 6 , ඉනිම් 11යි. පිතිකරණ සාමාන්‍ය (Average) – 46.40

4) සමින්ද ප්‍රනාන්දු – ලකුණු 454
තරඟ 6 , ඉනිම් 9යි. පිතිකරණ සාමාන්‍ය (Average) – 50.44

5) පබසර වඩුගේ – ලකුණු 421
තරඟ 5 , ඉනිම් 8 යි. පිතිකරණ සාමාන්‍ය (Average) – 52.62

තරඟාවලියයේ වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයින් 5 දෙනා,

1) ප්‍රබාද් ජයසූරිය = කඩුලු 26 (තරඟ 4)

2) මලින්ද පුශ්පකුමාර = කඩුලු 24 (තරඟ 4)

3) අසිත ප්‍රනාන්දු = කඩුලු 17 (තරඟ 6)

4) අශින් ඩැනියල්  = කඩුලු 16  (තරඟ 5)

5) චානක රුවන්සිරි = කඩුලු 15 (තරඟ 4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *