නිරෝධායනය කාළ සීමාව අවසන් කිරීම නිසා ගැටලුවක් නැහැ – ශ්‍රී ලංකා කළමනාකරු පවසයි.
ශ්‍රී ලංකා – එංගලන්තය විස්සයි විස්ස තරඟයෙන් දරුණු පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් වන කුසල් මෙන්ඩිස් , නිරෝශන් දික්වැල්ල හා දනුශ්ක ගුණතිලක ඊයේ රාත්‍රියේ (27) වීදි සංචාරයේ නිරත වෙමින් සිටි අතර තුර එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයකු විසින් වීඩියො පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුඳා හැර තිබුණා.
කොවිඩ් වසංගතය හේතුවෙන් ක්‍රීඩකයින් ආරක්ශක ජෛව බුබුළක රැඳී සිටිය යුතු අතර මෙම ක්‍රීඩකයින් දෙදෙනා මධ්‍යම රාත්‍රිය වන විටත් දුම්වැටි බාවතා කරමින් වීදි සංචාරයේ යෙදෙමින් සිටිනවා.
Familiar faces in Durham tonight, enjoying their tour! Obviously not here to play cricket, this video was taken at 23.28 Sunday. Disappointing performance by these cricket players but not forgetting to enjoy their night at Durham. RIP #SrilankaCricket #KusalMendis #ENGvSL pic.twitter.com/eR15CWHMQx
— Nazeer Nisthar (@NazeerNisthar) June 28, 2021
මේ ක්‍රියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරු පවසා ඇත්තේ ක්‍රීඩකයින් නිරෝදායනය කාළය අවසන් වීම නිසා කිසිම ගැටලුවක් නැති බවත්, එකම වැරැද්ද මුහුණු ආවරණ පැළඳ නොසීටීමත් බව ප්‍රකාශ කර සිටි බව ස්වර්ණවාහිනී පුවත් හි සඳහන් කර තිබුණා.
කෙසේ නමුත් ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් පරීක්ශණයක් සිදුකිරීමට නියමිත බව තවදුරටත් සඳහන් වෙනවා.