නිරෝශන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් ප්‍රබල මහනුවර කණ්ඩායම අවසන් මහා තරඟයට.
නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ 5වන තරඟය ලෙස අද (10) පැවතී කොළඹ කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නිරෝශන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම සමත්විය.
තරඟයේ කාසියේ වාසිය දිනාගත්, කොළඹ කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් පන්දුවාර 49.3 අවසානයේදී සියලුම දෙනා දැවී ලකුණු 271ක් ලබාගැනීමට සමත්විය.
කොළඹ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 133කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 112ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, නුවනිඳු ප්‍රනාන්දුට අනගි සහයක් ලබාදෙමින් සම්මු අශාන් පන්දු 70කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබාගත් අතර නායක දිමුත් කරුණාරත්න පන්දු 40කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් රැස්කරගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් අසිත ප්‍රනාන්දු පන්දුවාර 9.3ක් අවසානයේදි ලකුණු 41කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව පුලින තරංග ලකුණු 66කට කඩුලු 3ක් ලබාගත් අතර Ashian Daniel හා ලසිත් ඇඹුල්දෙණිය අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී මහනුවර කණ්ඩායම පන්දුවාර 48.5 ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 272ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.
ජයග්‍රාහී මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඕෂධ ප්‍රනාන්දු පන්දු 94කදී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 85ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, සහන් ආරච්චිගේ පන්දු 76කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 64ක් රැස්කරගත් අතර,ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 54කදී ලකුණු 34ක් හා පුලින තරංග පන්දු 22කදී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී කොළඹ කණ්ඩායමේ ක්‍රීඩක Lahiru Madusanka ලකුණු 34කට කඩුලු 2ක් හා සම්මු අශාන් හා මොහොමඩ් ඩිල්ශාඩ් එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත්විය.
ඒ අනුව, කොළඹ කණ්ඩායම පරදා නුවර කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්ථා කිරීමත් සමඟ නිරෝශන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පන්දු 94කදී නොදැවී ලකුණු 85ක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු වේ.