නිරෝශන් දික්වැල්ලගේ සුපිරි ඉනිම හේතුවෙන් ග්‍රීන් කණ්ඩායමට තියුණු ජයක්.
(ජෙෆ්රි වැන්ඩසේ රැකගත් විශිෂ්ඨ උඩපන්දුව වීඩියෝ එක පහළින් නැරඹිය හැක)
SLC Invitational T20 League 2022 තරඟාවලියේ තුන්වන තරඟය ලෙස ඊයේ (10) පැවතී තරඟයෙන් ග්‍රීන් (Green) කණ්ඩායම හා රෙඩ් (Red) කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 8ක ජයක් ලබාගැනීමට ග්‍රීන් කණ්ඩායම සමත්වුණා..
තරඟයේ කාසියේ වාසිය දිනාගනිමි පලමුව පන්දුවට පහරදීමට ග්‍රීන් කණ්ඩායමේ නායක දසුන් ශානක තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 161ක් ලබාගැනීමට සමත්වුණා.
ග්‍රීන් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නිරෝශන් දික්වැල්ල විශිෂ්ඨ අර්ධ ශතකයක් රැස්කර ගත් අතර, ඔහු පන්දු 56ක් අවසානයේදී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, නායක දසුන් ශානක පන්දු 12කදී හතරේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 21ක් ලබාගත් අතර, දනංජය ලක්ශාන් පන්දු 12කදී ලකුණු 19ක් හා දිනේශ් චන්දිමාල් පන්දු 9කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 15ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී, අසිත ප්‍රනාන්දු පන්දුවාර 4 අවසානයේදී ලකුණු 32කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, මතීෂ පතිරණ , සහන් ආරච්චිගේ , වනිඳු හසරංග එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්වුණා.
අනතුරුව ලකුණු 162ක ඉලක්කයක් ලබායෑම සඳහා පිටියට පිවිසී රෙඩ් (Red) කණ්ඩායම හට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 153ක් පමණයි.
රෙඩ් කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ භානුක රාජපක්ෂ පන්දු 28කට මුහුණදෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Lasith Croospulle පන්දු 24කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් හා කුසල් මෙන්ඩිස් පන්දු 32කදී ලකුණු 30ක් ලබාගත් අතර කමිඳු මෙන්ඩිස් පන්දු 22කදී ලකුණු 24ක් හා සහන් ආරච්චිගේ පන්දු 8කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදි රෙඩ් කණ්ඩායමේ බිඳ වැටුනු කඩුලු 5, නිමේශ් විමුක්ති , නුවන් තුශාර, දනංජය ලක්ශාන් , ලක්ශාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස් අතරේ බෙදීගියා.
ඒ අනුව, තරඟාවලියෙ තුන්වන තරඟය ලෙස පැවතී මෙම තරඟයෙන් රෙඩ් කණ්ඩායම පරදා ලකුණු 8 ජයක් ලබාගැනීමට ග්‍රීන් කණ්ඩායම සමත්වූ අතර, මෙය ග්‍රීන් කණ්ඩායමේ තරඟාවලියේ පලමු ජයග්‍රහණයයි. තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ නොදැවී ලකුණු 76ක් ලබාගත් නිරෝශන් දික්වැල්ල වේ.
ජෙෆ්රි වැන්ඩසේ රැකගත් විශිෂ්ඨ උඩපන්දුව. (Video)
Brilliant stuff by Jefferey Vandersay! ? What a grab!
Lasith Croospulle goes for 31 off Sandakan.? LIVE | https://t.co/6TBKCnmo1f (Global)#SLCT20League pic.twitter.com/lAJPsgk3S7
— Sri Lanka Cricket ?? (@OfficialSLC) August 10, 2022