නිරෝශන් දික්වැල්ල කඩුලු රකින්නෙකු ලෙස කුමාර සංගක්කාරව පසුකරයයි.
ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 4ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට පකිස්තාන කණ්ඩායම පහුගියද දා සමත්වුණා.
මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රැකීමේ කාර්යය නිරෝශන් දික්වැල්ල සිදුකළ අතර, එම තරඟයේදී කිහිප වතාවක්ම දවාගැනීම් අවස්තා දික්වැල්ල අතින් මඟහැරුණු නමුත් ඔහු තරඟයේදී දවාගැනීමට 3කට තම දායකත්වය ලබාදුන්නා.
මෙම තරඟය ආරම්භයට පෙර නිරෝශන් දික්වැල්ල ටෙස්ට් පිටියේ, තරඟ 51කට ක්‍රීඩා කරමින් ඉනිම් 90කදී කඩුලු රැකීමේ කාර්යය සිදුකරමින් දවාගැනීම් 151කට දායකත්වය ලබාදී තිබුණ අතර, මෙම තරඟය අතරතුරේදී ලබාගත් අවස්ථා 3ත් සමඟින් මුළු දවාගැනීමට 154 කට හිමිකම් කීමට නිරෝශන් දික්වැල්ල සමත්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාරද, තරඟ 134කදී ඉනිම් 90ක් කඩුලු රැකීමේ කාර්යය ඉදුකරමින් උඩපන්දු රැකීම් / ස්ටම්ප් කිරීම් ඇතුළුව මුළු දවාගැනීම් 151කට හිමිකම් කියන අතර, පකිස්තානය තරඟය අතරතුරේදී නිරෝශන් දික්වැල්ල විසින් කුමාර සංගක්කාරව පසුකර යාමට සමත්වුණා.
නිරෝශන් දික්වැල්ල මේ වන විට කඩුල්ල පිටුපස සිට සිදුකර ඇති දවාගැනීම් 154 තුළට උඩපන්දු රැකීම් 127ක් හා ස්ටම්ප් කිරීම් 27ක් ඇතුළත් වෙනවා.
මේ වන විට, ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු රැකීමේ කාර්යය කරමින් වැඩිම දවාගැනීමට සංඛ්‍යාවකට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්න,
1) ප්‍රසන්න ජයවර්ධන (2000-2015)
ප්‍රසන්න ජයවර්ධන ටෙස්ට් තරඟ 58කට ක්‍රීඩා කරමින් ඉනිම් 102කදී කඩුලු රැකීමේ කාර්යය කර ඇති අතර, ඔහු දවාගැනීම් 156කට තම දායකත්වය ලබාදී තිබෙනවා. එයට උඩපන්දු රැකීම් 124ක් හා ස්ටම්ප් කිරීම් 32ක් ඇතුළත්.
2) නිරෝශන් දික්වැල්ල (2014-2022***)
නිරෝශන් දික්වැල්ල මේ වන විට ටෙස්ට් තරඟ 52කට ක්‍රීඩා කර ඇති අතර, ඉනිම් 92කදී කඩුලු රැකීමේ කාර්යය කරමින්, ඔහු දවාගැනීම් 154කට තම දායකත්වය ලබාදී තිබෙනවා. එයට උඩපන්දු රැකීම් 127ක් හා ස්ටම්ප් කිරීම් 27ක් ඇතුළත් වෙනවා.
3) කුමාර් සංගක්කාර (2000-2015)
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ටෙස්ට් තරඟ 134කට ක්‍රීඩා කර නමුත්, ඔහු කඩුලු රැකීමේ කාර්යය සිදුකරන ලද්දේ ඉනිම් 90කදී පමණයි. එහිදී ඔහු දවාගැනීම් 151කට තම දායකත්වය ලබාදී තිබෙන අතර, එයට උඩපන්දු රැකීම් 131ක් හා ස්ටම්ප් කිරීම් 20ක් ඇතුළත් වේ.
4) රොමේෂ් කළුවිතාරණ (1992-2004)
රොමේෂ් කළුවිතාරණ ටෙස්ට් තරඟ 49කට ක්‍රීඩා කරමින් ඉනිම් 85කදී කඩුලු රැකීමේ කාර්යය කර ඇති අතර, ඔහු දවාගැනීම් 119කට තම දායකත්වය ලබාදී තිබෙනවා. එයට උඩපන්දු රැකීම් 93ක් හා ස්ටම්ප් කිරීම් 26 ඇතුළත් වන අතර එක් ඉනිමකදී ලබාගෙන ඇති වැඩිම උඩපන්දු රැකීම් සංඛ්‍යාව 5ක්.
5) දිනේශ් චන්දිමාල් (2011-2022)
දිනේශ් චන්දිමාල් මේ වන විට ටෙස්ට් තරඟ 69කට ක්‍රීඩා කර ඇති අතර ඔහු ඉනිම් 50කදී කඩුලු රැකීමේ කාර්යය කර තිබෙනවා. එහිදී ඔහු දවාගැනීම් 73කට තම දායකත්වය ලබාදී තිබෙන අතර එයට උඩපන්දු රැකීම් 63ක් හා ස්ටම්ප් කිරීම් 10ක් ඇතුළත් වෙනවා. එක් ඉනිමකදී වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට දායකත්වය ලබාදී ඇත්තේ දිනේශ් චන්දිමාල් වේ. (6)
6) හශාන් තිලකරත්න (1989-2004)
හශාන් තිලකරත්න ටෙස්ට් තරඟ 83කට ක්‍රීඩා කරමින් ඉනිම් 18කදී කඩුලු රැකීමේ කාර්යය කර ඇති අතර, ඔහු දවාගැනීම් 35කට තම දායකත්වය ලබාදී තිබෙනවා. එයට උඩපන්දු රැකීම් 33ක් හා ස්ටම්ප් කිරීම් 2ක් ඇතුළත්.