නිරෝශන් දික්වැල්ල සයිකැට්‍රිස්ට් කෙනෙක් මුණ ගැහෙන්න ස්විට්සර්ලන්ත‍යට යන්න අපෙන් අවසර ඉල්ලුවා.

පසුගිය දිනවල පැවතී ලසිත් මාලිංග හා කැලුම් ශ්‍රීමාල් අතර පැවතී ක්‍රිකට් සාකච්ඡාවක් අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා එක්වූ අතර, එහිදී ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිසැළසුම් කිහිපයක් හා මෑතකදී විනය විරෝධී ක්‍රීයාවක් හේතුවෙන් තරඟ තහනමකට ලක්වූ ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟාවලිය, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළත් ඔහු විසින් පැවසූවේ තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි බවයි.

“අපි හිටපු තැන එක්ක බලද්දී තාමත් අපේ ක්‍රිකට් ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. නමුත් පහුගිය කාල වකවානුවේදී අපේ ක්‍රිකට් වල ඇදවැටීම පොඩ්ඩක් නැවතිලා තියනවා කියන පෞද්ගලික මතයේ මම ඉන්නවා. හැබැයි අපි මීට වඩා දුර යා යුතුයි. අපේ ක්‍රීඩකයින්ගේ දක්ශතා නැතුව නොවේ, දක්ශතා තියනවා ඒවා වැඩිදියුණු කරගන්න ඕනේ. දැන් අපිට හොඳ යොවුන් කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා ඉස්සරහට අපේ ක්‍රිකට් ගැන බලලා සතුටු වෙන්න පුලුවන්.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි සැලසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ උපසභාපතිතුමා, මෙම වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය හා ලබන වසරේ පන්දුවාර 10 (T10) තරඟාවලියක් පැවැත්වීමට කටයුතු කර ඇති බව පවසා සිටියා.

“මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය මෙම වසරේ දෙසැම්බර් 03 වෙනිදා සිට 23 වෙනිදා දක්වා කාළය තුළ පැවැත්වීමට කටයුතු කරලා තියනවා. මෙම තරඟවලිය ප්‍රේක්ෂකයින් සඳහා අවස්ථාව ලබාදෙනවානම් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත වෙන්නේ. සමහර විට 35%කට පමණ ප්‍රමාණයකට තරඟ නැරඹීමට අවස්ථාව ලබා දෙන්න පුලුවන් වේවි.”

“මේ අතර දඹුල්ල, නුවර, ගාල්ල හා කොළඹ යන කණ්ඩායම් හතරක් සමඟින් කාන්තාවන් සඳහා ප්‍රිමියර් ලීග් තරඟාවලියක් ද පවත්වන්න තීරණය කරලා තියනවා. මේ වන ටිට අයි.සී.සී එක මඟින් කාන්තා ක්‍රිකට් එක ගැන ලොකු අවධානයක් යොමුවෙලා තියනවා. වෙනත් රටවල ක්‍රීඩිකාන්වන්ට මෙවැනි ලීග් තරඟාවලි ක්‍රීඩා කරලා අත්දැකීම් තියනවා. අපේ ක්‍රීඩිකාන්වන්ට එහෙම අත්දැකීම් නැහැ. ඒ නිසා අපේ ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පිටියේ යම් ප්‍රමාණයකට සටන්කාමී බවත් පෙනෙන්නෑ. ඒ නිසා ඔවුන්ට ලෝකයට මුහුණදීම සඳහා අපි අපේ ක්‍රීඩිකාවන් සඳහා ලීග් තරඟාවලියක් පැවැත්වීමට තීරණය කරලා තියනවා.”

“ඊට අමතරව, ලබන වසරේ අපි T10 තරඟාවලියක් ද පැවැත්වීමට කටයුතු කරලා තියනවා. ඔලිම්පික් තරඟාවලියට T10 ක්‍රිකට් ඇතුළත් කිරීමට ඔවුන් සූදානම්ව ඇති නිසා අපිටත් ඔලිම්පික් පදක්කමක් ලබාගැනීම සඳහා අපි T10 තරඟාවලියක් ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අදහස් කරගෙන තියනවා.”

එංගලන්ත සංචාරය අතරතුරේදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් වසරක තරඟ තහනමකට ලක් වූ ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් ඔහු සඳහන් කර සිටියේ මෙවැන් අදහසක්.

“ක්‍රීඩකයෙක් විනය විරෝධී ක්‍රීයාවක් සිදුකරාම ඔවුන්ගේ ගිවිසුම්ගත මුදල් ලබා දෙන්න විදිහක් නැහැ. නමුත් සෑම විටම අපි ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය අගයනවා. ඔවුන් දිහා බලාගෙන ඉන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනේ නිරෝශන් දික්වැල්ල මේ ලඟදි ඔහුට මේ ඇතිවුන ව්‍යාකූල තත්වයවයට පිළියමක් ලබාගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ සයිකැට්‍රිස්ට් හො Mentor කෙනෙක් මුණ ගැහෙන්න යන්න අපෙන් අවසර ඉල්ලලා ලිපියක් යොමු කරලා තිබුණා. ඒක ඉතාමත් හොඳ තීරණයක්. අපි ඔහුට ඒකට අවසර ලබාදුන්නා.”

ක්‍රීඩාවේදී විතරක් නෙමේ, සෑම අවස්ථාවකදීම විනය කියන දේ අත්‍යවශ්‍යම දෙයක් කියලා මේ ඉන්න යොවුන් ක්‍රීඩකයින් දැනගන්න ඕනේ. ලසිත් මාලිංගලා, මහේල සංගලා කවුරුත් කවදාවත් කණ්ඩායම නියෝජනය කරන අවස්ථාවලදී විනයක් නැතුව හැසිරුණේ නැහැ. යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය වෙනස් වෙයි. මිනෝද් බානුක යළි සංචිතයට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *