නුවර කණ්ඩායම පරදා, කොළඹට කඩුලු 6ක ජයක්.

National Super League Provincial 4-Day තරඟාවලියේ 6 වන තරඟය ලෙස පැවතී කොළඹ කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්ථා කිරීමට සම්මු අශාන්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සමත්වුණා.

 

කාසියේ වාසිය දිනාගත් ගත් නුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පලමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 241ක් ලබාගැනීමට සමත්විය.

නුවර කණ්ඩායමේ පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඕෂධ ප්‍රනාන්දු පන්දු 154කදී හතරේ පහර 15ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 105ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව කසුන් විදුර පන්දු 52කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබාගත් අතර, නායක කමිඳු මෙන්ඩිස් පන්දු 82කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබාගැනීමට සමත්වුණා. කෙසේ නමුත් අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟා වීමට කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

 

පන්දු යැවීමේදී, Lakshitha Manasinghe ලකුණු 59කට කඩුලු 3ක් හා ප්‍රබාද් ජයසූරිය ලකුණු 47කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වූ අතර කසුන් රාජිත හා නිසල තාරක අතරේ ද කඩුලු දෙක බැඟින් බෙදීගියා.

අනතුරුව කොළඹ කණ්ඩායම තම පලමු ඉනිම ආරම්භ කළ අතර ඔවුන්ට සිය පලමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ 218ක් පමණයි.

කොළඹ පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Lahiru Madushanka පන්දු 139කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව Lakshitha Manasinghe පන්දු 85කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබාගත් අතර නිසල තාරක පන්දු 88කදී ලකුණු 24ක් ද ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී නුවර කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු ලකුණු 38කට කඩුලු 3ක් හා Ashian Daniel ලකුණු 51කට කඩුලු 3 බැඟින් ලබාගත් අතර, Sachindu Colombage කඩුලු 2ක් හා Avindu Theekshana ලකුණු 42කට එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත්විය.

 

පලමු ඉනිමේ ලද ලකුණු 23ක වාසියත් සමඟින් නුවර කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භක කළ අතර ඔවුන්ට දෙවන ඉනිමේදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 235ක් පමණයි.

නුවර දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වෙමින් නායක කමිඳු මෙන්ඩිස් විශිෂ්ට ශතකයක් රැස්කර ගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 166කදී හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමඟින් ලබාගත් ලකුණු ප්‍රමාණය 114ක්.

 

ඊට අමතරව Sachindu Colombage පන්දු 81කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු කමිල් මිශාර පන්දු 54කදී ලකුණු 25ක් ලබාගැනීමට සමත්විය. පලමු ඉනිමේ ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු මෙම ඉනිමේදී ලකුණු ලබාගැනීමට පෙර දැවීගියේය.

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කොළඹ කණ්ඩායමේ කසුන් රාජිත පන්දුවාර 15.2කදී ලකුණු 48කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Lakshitha Manasinghe කඩුලු 3ක් හා නිසල තාරක, ප්‍රබාද් ජයසූරිය අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

 

අනතුරුව ලකුණු 259ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී කොළඹ කණ්ඩායම පන්දුවාර 74කදී කඩුලු 4ක් පමණක් බිඳ වැටී ලකුණු 260ක් ලබාගනිමින් පහසුවෙන්ම තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.

එහිදී, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Nipun Dananjaya පන්දු 176කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 96ක් ලබාගැනීමට සමත්වුණා.

 

ඊට අමතරව නුවනිඳු ප්‍රනාන්දු පන්දු 15කදී හතරේ පහර 5ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබාගත් අතර, ක්‍රිශාන් සන්ජුල පන්දු 110කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් හා සම්මු අශාන් පන්දු 43කදී නොදැවී ලකුණු 25ක් ද ලබාගැනීමට සමත්විය.

කොළඹ කණ්ඩායමේ දෙවන ඉනිමේ බිඳ වැටුනු කඩුලු හතර, නුවර කණ්ඩායමේ පන්දු යවන්නන් වන Ashian Daniel හා Sachindu Colombage අතරේ දෙක බැඟින් බෙදීගියා.

ඒ අනුව, තරඟාවලියේ 6 වන තරඟය ලෙස පැවතී මෙම තරඟයෙන් නුවර කණ්ඩායම පරදා, කොළඹ කණ්ඩායම කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සමත්වූ අතර, තමන් සහභාගී වූ තරඟ 3න් දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු පුවරුවේ අංක 1 ස්ථානයේ රැඳී සිටීමට ද සමත්වී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *