නුවර කණ්ඩායම පරදා, කොළඹ කණ්ඩායම තරඟාවලියේ දෙවන ජය වාර්ථා කරයි.

2022 නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ 6වන තරඟය ලෙස අද (28) පැවතී නුවර කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්ථා කිරීමට කොළඹ කණ්ඩායම සමත්වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් නුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් නුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලුම දෙනා දැවී ලකුණු 271ක් ලබාගැනීමට සමත්විය.

නුවර ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ, සහන් ආරච්චිගේ පන්දු 85කදී හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 86ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව, ඊට අමතරව පුලින තරංග පන්දු 43කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබාගත් අතර, නායක කමිඳු මෙන්ඩිස් පන්දු 47කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී ලහිරු මධුසංක විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින්, පන්දුවාර 9ක් අවසානයේදී ලකුණු 54කට කඩුලු 4ක් දවාගත් අතර, ඔහුගේ පන්දු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වනුයේ නිරෝශන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය හා අසිත ප්‍රනාන්දු වේ.

 

ඊට අමතරව කලන පෙරේරා පන්දුවාර 7ක් අවසානයේදී ලකුණු 40කට කඩුලු 3ක් දවාගත් අතර,  තරිඳු රත්නායක ලකුණු 45කට කඩුලු 2ක් හා, සම්මු අශාන් ද පන්දුවාර 10ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 34කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

 

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී කොළඹ කණ්ඩායම, පන්දුවාර 48.1ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 274ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.

කොළඹ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නිපුන් දනංජය පන්දු 79කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව, නායක හා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පන්දු 59කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් ලබාගැනීමට සමත්වූ අතර, නුවනිඳු ප්‍රනාන්දු පන්දු 84කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 67ක් ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී නුවර කණ්ඩායම වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 48කට කඩුලු 2ක් දවාගත් අතර, තික්ශිල ද සිල්වා හා සහන් ආරච්චිගේ අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.

ඒ අනුව, නුවර කණ්ඩායම කඩුලු 6කින් පරාජයට කිරීමට සමත්වූ කළ කොළඹ කණ්ඩායම මේ වන විට තරඟාවලියේ තරඟ 3ක් ක්‍රීඩා කරමින්, තරඟ 2ක් ජයගෙන දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *