නෙදර්ලන්තය හමුවේ ලකුණු 232ක ජයක් ලබාගැනීමට එංගලන්තය සමත්වෙයි.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) එංගලන්තය හා නෙදර්ලන්තය අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ පලමු තරඟය පසුගිය 17 වෙනිදා පැවත්වුණු අතර එම තරඟයෙන් ලකුණු 232ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 498ක් ලබාගැනීමට සමත්වුණා.

මෙම තරඟයේදී එංගලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු ප්‍රමාණය වාර්තාගත වූයේ ජාත්‍යන්තර එක්දින තරඟයකදී කණ්ඩායමක් විසින් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසයි. (498) මීට පෙර එංගලන්ත කණ්ඩායම විසින්ම ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දුවාර 50 අවසානයේදී ලකුණු 481ක් ලබාගෙන තිබුණි.

 

 

ඒ අනුව එක්දින තරඟ වලදී ඉනිමක වැඩිම ලකුණු ලබාගෙන ඇති පලමු ස්ථාන 3ම එංගලන්තය කණ්ඩායම වන අතර ශ්‍රී ලංකාව 4 වන ස්ථානයේ රැඳී සිටී.

1) 498/4 එංගලන්තය – නෙදර්ලන්තයට එරෙහිව – 2022

2) 481/6 එංගලන්තය – ඕස්ට්‍රේලියාවට එරෙහිව – 2018

3) 444/3 එංගලන්තය – පකිස්තානයට එරෙහිව – 2016

4) 443/9 ශ්‍රී ලංකාව – නෙදර්ලන්තයට එරෙහිව – 2006

 

 

මෙම තරඟයේදී එංගලන්ත ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ ජෝස් බට්ලර් පන්දු 70කදී හතරේ පහර 7ක් හා හයේ පහර 14ක් සමඟින් නොදැවී ලකුණු 162ක් ලබාගැනීමට සමත්විය.

 

 

ජෝස් බට්ලර්ට අමතරව එංගලන්තය ඉනිමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් ශතක වාර්තා වූ අතර Phil Salt පන්දු 93කදී හතරේ පහර 14ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 122ක් හා Dawid Malan පන්දු 109කදී හතරේ පහර 9ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 125ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Liam Livingstone පන්දු 22කදී හතරේ පහර 6ක් හා හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 66 ක් ද ලබාගැනීමට සමත්විය. එංගලන්තය වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට ඔහු සමත්වුණා.. (පන්දු 17කින්)

මෙම තරඟයේදී එංගලන්ත කණ්ඩායමෙන් හයේ පහර 26ක් වාර්තා වූ අතර එය ජාත්‍යන්තර එක්දින තරඟ ඉතිහාසයේ එක් ඉනිමකදී වාර්තාවූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ද වේ.

 

(Photo by Philip Brown/Popperfoto/Popperfoto via Getty Images)

 

පන්දු යැවීමේදී Pieter Seeler පන්දුවාර 9ක් අවසානයේදී ලකුණු 83කට කඩුලු 2ක් දවාගත් අතර, Shane Snater ලකුණු 99කට හා Logan Van Beek ලකුණු 82කට එක් කඩුල්ල බැඟින් ද දවාගනු ලැබීය.

අනතුරුව ලකුණු 499ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 49.4ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 266ක් පමණයි.

නෙදර්ලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Scott Edward පන්දු 56කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබාගැනීමට සමත්වුණා.

 

(Photo by Philip Brown/Popperfoto/Popperfoto via Getty Images)

 

ඊට අමතරව ආරම්භක පිතිකරු Max O’Dowd පන්දු 55කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් ලබාගත් අතර, Bas De Leeds පන්දු 38දී එක් හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද ලබාගැනීමට සමත්වුණා. නායක Pieter Seeler ලකුණු 25ක් ද ලබාගැනීමට සමත්විය.

 

 (Photo by Philip Brown/Popperfoto/Popperfoto via Getty Images)

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් Moeen Ali පන්දුවාර 10 අවසානයේදී ලකුණු 57කට කඩුලු 3ක් දවාගත් අතර, David Willey ලකුණු 42කට කඩුලු 2ක් ද ලබාගැනීමට සමත්විය. ඊට අමතරව Reece Topley ලකුණු 46කට කඩුලු 2ක් , Sam Curran ලකුණු 46කට කඩුලු 2ක් හා Dawid Malan ලකුණු 5කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.

 

 (Photo by Richard Heathcote/Getty Images)

 

ඒ අනුව තරඟාවලියේ පලමු තරඟයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 232ක දැවැන්ත ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Jos Buttler වේ.

 

එංගලන්ත කණ්ඩායමෙන් වාර්තා වූ හයේ පහර 26 වීඩියෝව මෙන්න, 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *