නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.
මේවර ලෝක කුසලානයේ පලනු වටය අවසන් කරමින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පැවතී තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. (වීඩියෝව පහලින් නැරඹිය හැක)
තරඟයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, පලමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්තය කණ්ඩායමට පන්දුවාර 10ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 44ක් පමණයි.
නෙදර්ලන්තය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 11ක් ලබාගත් Colin Ackermann වන අතර, අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නෙ නැහැ.
මෙලෙස නෙදර්ලන්තය ශ්‍රී ලංකාව හමුවේ ලබාගත් ලකුණු 44 ඉතිහාසගත වූයේ විස්සයි විස්ස ලෝක කුසලානයකදී කණ්ඩායමක් විසින් ලබාගත් දෙවෙනියට අඩුම ලකුණු සංඛයාව ලෙසයි. 2014 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව විසින් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 39කට සීමා කිරීමට සමත් වූ අතර, එය විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායමක් විසින් ලබාගෙන ඇති අඩුම ලකුණු සංඛ්‍යාවයි.
පන්දු යැවීමේ දී ලහිරු කුමාර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 3කදී ලකුණු 7ක් පමණක් ලබාදී කඩුලු 3ක් ලබාගැනීමට සමත් වූ අතර වනිඳු හසරංග ද ලකුණු 9කට කඩුලු 3ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව මහීශ් තීක්ශණ එක්පන්දු වාරයක් පමණක් ක්‍රියාත්මක කරමින් ලකුණු 3කට කඩුලු 2ක් හා දුශ්මන්ත චමීර ලකුණු 13කට එක් කඩුල්ලක් ද ලබාගැනීමට සමත් විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.1කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 45ක් රැස්කර ගනිමින් පහසුවෙන්ම තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 24කදී ලකුණු 33ක් ලබාගත් අතර චරිත් අසලංක ලකුණු 6ක් ද ලබාගැනීමට සමත් විය.
මෙලෙස නෙදර්ලන්තය හමුවේ ලද ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේදී මූලික වටයේ පැවතී තරඟ තුනම ජයග්‍රහණය කරමින් සුපිරි 12 දෙනාගේ වටයට තේරීපත් වුණ අතර සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මීලඟ තරඟය ලබන 24 වෙනි දින බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතයි.
ලහිරු කුමාරගේ විශිෂ්ට පන්දු යැවීම ඇතුළු නෙදර්ලන්තය කණ්ඩායමේ කඩුලු 10 මෙතනින් බලන්න. (Click)