නොදර්න් වොරියර්ස් කණ්ඩායම එරෙහිව වනිඳු හසරංගෙන් විශිෂ්ට පන්දුයැවීමක්.

අබුඩාබි T10 ලීග් තරඟාවලියේ 11 වන තරඟය ලෙස පැවතී Northern Warriors කණ්ඩායම හා Deccan Gladiators කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Deccan Gladiators කණ්ඩායම සමත් වුණා. (වනිඳු ලබාගත් කඩුලු දෙකේ වීඩියෝව පහළින් නැරඹිය හැක)

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Deccan Gladiators කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, Northern Warriors කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 70ක් ලබාගැනීමට සමත් විය.

Northern Warriors කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Samit Patel පන්දු 13කදී හතරේ පහරවල් 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඊට අමතරව නායක Rovman Powell පන්දු 19කදී ලකුණු 11ක් හා, Abhimanyu Mithun පන්දු 11කදී ලකුණු 11ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු Kennar Lewis පන්දු 9කදී ලකුණු 10ක් ලබාගත් නමුත් අන්කිසිඳු ක්‍රීඩකයෙකුට සාර්ථක වීමට Deccan Gladiators පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

 

 

Deccan Gladiators කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සුපිරි පන්දු යැවීමට නිරත වෙමින් පන්දුවාර 2ක අවසානයේදී ලකුණු 5කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව Wahab Riaz , Odean Smith හා Tymal Mills එක් කඩුල්ල බැඟින් ද ලබාගැනීමට සමත් විය.

 

 

වනිඳු හසරංග අද ලබාගත් කඩුලු දෙකත් සමඟින් මෙවර තරඟාවලියේදී මෙතෙක් පැවතී තරඟවලදී වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ අංක එක බවට පත්වීමට හැකි වූ අතර, ඔහු විසින් ලබාගෙන ඇති මුළු කඩුලු ගණන 8 කි. (තරඟ 4යි / හොඳම පන්දු යැවීම 4/12)

 

 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Deccan Gladiators කණ්ඩායම පන්දුවාර 7.1ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 76ක් ලබාගැනිමින් තරඟය ජයග්‍රහණය කළ අතර, Deccan Gladiators කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 9කදී හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා David Wiese වේ.

 

 

ඊට අමතර, Tom Moores පන්දු 17කදි  හතරේ පහරවල් 4ක් සමඟින් නොදැවි ලකුණු 21ක් ද ලබා ගැනීමට සමත් විය.

Deccan Gladiators කණ්ඩායමේ බිඳවැටුන කඩුලු හතර ලබාගැනීමට හැකි වූ පන්දු යවන්නන් වනුයේ Josh Little , Abhimanyu Mithun , Imran Tahir හා Samit Patel වේ.

 

ඒ අනුව, Deccan Gladiators කණ්ඩායම තරඟය කඩුලු 6කින් පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර , තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ ලකුණු 5කට කඩුලු 2ක් දවාගත් වනිඳු හසරංග විසිනි.

 

 

වනිඳු හසරංග ලබාගත් කඩුලු 2 වීඩියෝව, 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *