පකිස්තානයට එරෙහි ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවතී තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලිය අවසන් වීමෙන් අනතුරුව, පකිස්තාන කණ්ඩායම සමඟින් තවත් ටෙස්ට් තරඟ 2කින් යුත් තරඟාවලියක් එළෙඹෙන ජූලි 16 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙම තරඟාවලියේ තරඟ 2ද ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරඟ 2ක් වන අතර, මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අංක 3 වන ස්ථානයේ රැඳීසිටින අතර, පකිස්තාන කණ්ඩායම අංක 4 ස්ථානයේ සිටිනවා.
මෙම තරඟාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (14) දින නිළ වශයෙන් නම් කරනු ලැබූවා.
ඕස්ට්‍රේලියාවට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටි ලසිත් ඇඹුල්දෙණිය පහුගිය තරඟ කිහිපයම අසාර්ථක වීම හේතුවෙන් ඔහුව මෙම සංචිතය සඳහා නම් කර නොමැති අතර, පහුගිය සංචිතයේ සිටි යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද පකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්කර තිබෙනවා.
ඊට අමතරව, පහුගිය ටෙස්ට් තරඟාවලි කිහිපයේදීම ශ්‍රී ලංකා සංචිතයේ සිටි තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද මෙම සංචිතයෙන් ඉවත්කර තිබෙනවා.
මේ අතර, ඕස්ට්‍රේලියාවට එරෙහි පැවතී තරඟාවලියේදී දෙවන තරඟය සඳහා කැඳවූ ප්‍රබාද් ජයසූරිය, එම තරඟයේදී වාර්තාගත දස්කම් දක්වමින් තරඟය පුරාවට කඩුලු 12ක් බිඳ දැමූ අතර, ඒ හේතුවෙන් ඔහුව පකිස්තානයට එරෙහිව නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
තවද, දෙවන ටෙස්ට් තරඟය සඳහා කැඳවූ යොවුන් ක්‍රීඩක මහීශ් තීක්ශනද මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර, දුනිත් වෙල්ලාලගේ හා ජෙෆ්රි වැන්ඩසේ ද දඟපන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්.
ඊට අමතරව, ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවතී දෙවන ටෙස්ට් තරඟයට පෙර කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ දනංජය ද සිල්වා හා තරඟය අතරතුරේදී කොවිඩ් ආසාදනය වූ පැතුම් නිස්සංක ද නැවතත් මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව, පකිස්තාන එරෙහිව ටෙස්ට් තරඟ 2 සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය මෙන්න,
1) දිමුත් කරුණාරත්න – නායක
2) පැතුම් නිස්සංක
3) ඕෂධ ප්‍රනාන්දු
4) ඇන්ජලෝ මැතිව්ස්
5) කුසල් මෙන්ඩිස්
6) දනංජය ද සිල්වා
7) කමිඳු මෙන්ඩිස්
8) නිරෝශන් දික්වැල්ල
9) දිනේශ් චන්දිමාල්
10) රමේෂ් මෙන්ඩිස්
11) මහීශ් තීක්ශන
12) කසුන් රාජිත
13) විශ්ව ප්‍රනාන්දු
14) අසිත ප්‍රනාන්දු
15) ඩිල්ශාන් මධුසංක
16) ප්‍රබාද් ජයසූරිය
17) දුනිත් වෙල්ලාලගේ
18) ජෙෆ්රි වැන්ඩසේ
තරඟාවලියේ පලමු තරඟය ජූලි මස 16 වන දින සිට ජූලි 20 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත වන අතර,
දෙවන ටෙස්ට් තරඟය ජූලි 24 සිට ජූලි 28 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.