පකිස්තානය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 246ක විශිෂ්ඨ ජයක්.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 246ක දැවැන්ත ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පලමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 378ක් ලබාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දිනේශ් චන්දිමාල් පන්දු 137කදී හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබාගැනීමට සමත්වූ අතර දිනේශ් චන්දිමාල් පන්දු 54කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු පන්දු 70කට ලකුණු 50ක් ද, ඇන්ජලෝ මැතිව්ස් පන්දු 106කට ලකුණු 42ක් ද ලබාගත් අතර, නායක දිමුත් කරුණාරත්න පන්දු 90කදී ලකුණු 40ක් ද ලබාගැනීමට සමත්විය. (දනංජය ද සිල්වා – 33 / රමේෂ් මෙන්ඩිස් – 35)
පන්දු යැවීමෙදී Naseem Shah සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 58කට කඩුලු 3ක් බිඳ දැමීය. ඊට අමතරව Yashir Shah ලකුණු 83කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, Mohammed Nawaz ලකුණු 80කට කඩුලු 2ක් හා Nauman Ali ලකුණු 64කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්වුණා .
පසුව , පකිස්තාන කණ්ඩායම සිය පලමු ඉනිම ආරම්භ කළ නමුත් ඔවුන්ට පලමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 231ක් පමණයි.
පකිස්තාන පලමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Agha Salman ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ පලමු අර්ධ ශතකය ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 126කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ආරම්භක පිතිකරු Imam-ul-haq පන්දු 54කදී ලකුණු 32ක් ලබාගත් අතර, Yashir Shah ලකුණු 26ක්, Mohammed Rizwan , Fawad Alam ලකුණු 24 බැඟින් ද ලබාගැනීමට සමත්විය. නායක බාබර් අසාම් හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 16ක් පමණයි.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් පන්දුවාර 21.1කදී ලකුණු 47කට කඩුලු 5ක් දවාගැනීමට සමත්විය. මෙම කඩුලු 5, ඔහුගේ ටෙස්ට් දිවියේ ඉනිමක කඩුලු 5 බැඟින් ලබාගත් තුන්වෙනි අවස්ථාවයි. ඊට අමතරව ප්‍රබාද් ජයසූරිය ද ලකුණු 80කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, දනංජය ද සිල්වා , අසිත ප්‍රනාන්දු ද එක් කඩුල්ල බැඟින් දවාගනු ලැබුවා.
පලමු ඉනිමේ ලද ලකුණු 147ක වාසියත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර, දෙවන ඉනිම අත්හිටුවන විට කඩුලු 8ක් දැවී ලකුණු 360ක් ලබාගැනීමට සමත්වුණා. ඒ අනුව පකිස්තාන කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 508ක්.
ශ්‍රී ලංකා දෙවන ඉනිම් වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දනංජය ද සිල්වා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ටෙස්ට් දිවියේ සිය 9 වන ශතකය ලබාගැනීමට සමත්වූ අතර, ඔහු පන්දු 171කදී හතරේ පහර 16ක් සමඟින් ලකුණු 109ක් දවාගැනීමට සමත්විය.
ඊට අමතරව නායක දිමුත් කරුණාරත්න පන්දු 105කදී ලකුණු 61ක් (31වන අර්ධ ශතකය) ලබාගත් අතර, රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 45ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 35ක් ද ලබාගැනීමට සමත්වුණා. (ඕශධ ප්‍රනාන්දු – 19 / කුසල් මෙන්ඩිස් – 15 , දිනේශ් චන්දිමාල් 21 )
පන්දු යැවීමේදී Mohammed Nawaz හා Naseem Shah කඩුලු 2ක බැඟින් දවාගත් අතර, Yasir Sgah , Nauman Ali , Agha Salman එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්විය.
ඉන් අනතුරුව ලකුණු 508ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පකිස්තාන කණ්ඩායම පිටියට පිවිසී නමුත්, අවසන් දිනයේදි සියලුම දෙනා දැවී ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 261ක් පමණයි.
පකිස්තාන දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක බාබර් අසාම් 23 වන අර්ධ ශතකය වාර්තාකළ අතර ඔහු පන්දු 146කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 81ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ආරම්භක පිතිකරු Imam-ul-haq පන්දු 90කදී ලකුණු 49ක් ලබාගත් අතර, Mohammed Rizwan ලකුණු 37ක් හා Yashir Shah පන්දු 25කදී ලකුණු 27ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී නැවතත් සුපිරි පන්දුයැවීමක නිරත වූ ප්‍රබාද් ජයසූරිය පන්දුවාර 32ක් අවසානයේදී ලකුණු 117කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වුණා. මෙය, ඔහු ඉනිමක කඩුලු 5+ බැඟින් දවාගත් 4 වන අවස්ථාවයි. (තරඟ 3)
ප්‍රබාද් ජයසූරිය ලබාගත් මෙම කඩුලු 5ත් සමඟින් ඔහු මෙම වසරේ ක්‍රීඩා කළ තරඟ තුනේදී සම්පූර්ණ කඩුලු 29ක් දවාගැනීමට සමත්වී ඇති අතර, මෙම වසරේ ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ලබාගෙන ඇති ලෝකයේම ක්‍රීඩකයින් අතරින් පලමු ස්ථානයට පැමිණීමට ප්‍රබාත් ජයසූරිය සමත්විය. (එංගලන්ත ක්‍රීඩක Jack Leachද තරඟ 8කට ක්‍රීඩා කරමින් කඩුලු 29ක් ලබාගෙන ඇත)
මෙම තරඟයේ දෙවන ඉනිමේදී ප්‍රබාද් ජයසූරියට අමතරව රමේෂ් මෙන්ඩිස් ද සුපිරි පන්දු යැවීමක නිරත වු අතර ඔහු පන්දුවාර 30කදී ලකුණු 101කට කඩුලු 4ක් බිඳ දැමීය. තරඟයේ පලමු ඉනිමේද කඩුලු 5ක් බිඳ දැමූ රමේෂ් මෙන්ඩිස් සම්පූර්ණ තරඟයේදී කඩුලු 9ක් බිඳ දැමීමට සමත්වුණා.
ඒ අනුව, දෙවන ටෙස්ට් තරඟයෙන් පකිස්තාන කණ්ඩායම පරදා ලකුණු 246ක් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය අගනා ශතකයක් ලබාගත් දනංජය ද සිල්වා දිනාගත් අතර, තරඟාවලියේ වීරයා කඩුලු 16ක් ලබාගත් ප්‍රබාද් ජයසූරිය දිනාගනු ලැබූවා.
ප්‍රබාද් ජයසූරිය ලබාගත් කඩුලු 5 හා කුසල් මෙන්ඩිස් රැකගත් උඩපන්දුව (වීඩියෝ),
Prabath Jayasuriya pic.twitter.com/aD2RiS3RJi
— Stay Cricket (@staycricket) July 28, 2022