පකිස්තාන පලමු ඉනිම ලකුණු 218කට සීමා කිරීමට ශ්‍රී ලංකාව සමත්වෙයි.

(ප්‍රබාත් ජයසූරිය ලබාගත් කඩුලු 5 | ඕෂධ ප්‍රනාන්දු ලබාගත් උඩපන්දුව හා දිනේශ් චන්දිමාල් රැකගත් උඩපන්දුව වීඩියෝ පහළින් නැරඹිය හැක)

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පලමු ටෙස්ට් තරඟය ඊයේ (16) ආරම්භ වුන අතර, අද (17) දෙවන දිනයට තරඟය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබාගෙන සිටිනවා.

 

 

ඊයේ දිනයේ ශ්‍රී ලංකාව පලමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 22ක් ලබාගත් අතර, ඉන් අනතුරුව පකිස්තාන කණ්ඩායම පලමු ඉනිම ආරම්භ කළ අතර, දිනය නිමාවන විට පකිස්තාන කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 24ක් ලබාගෙන සිටියා.

 

 

අද (17) දිනය ආරම්භ වෙමින් ප්‍රබාද් ජයසූරිය යැවූ පලමු පන්දුවාරයේ තුන්වන පන්දුවෙන්ම පකිස්තාන කණ්ඩායමේ තුන්වන කඩුල්ල ලෙස Azhar Ali දවාගැනීමට සමත්විය.

ඉන් අනතුරුව නායක බාබර් අසාම් සමඟින් එක්වූ Mohammed Rizwan හතරවන කඩුල්ල සඳහා 40ක සබඳතාවක් එක් කළ අතර, අනතුරුව රමේෂ් මෙන්ඩිස් මෙම ඉනිමේ යැවූ පලමු පන්දුවෙන්ම Mohammed Rizwan දවාගැනීමට සමත්විය.

 

 

ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ ප්‍රබාත් ජයසූරිය, පකිස්තාන ඉනිමේ ලකුණු 73ක් වන අවසානයේදී Agha Salman දවාගත් අතර, පකිස්තාන ඉනිම ලකුණු 85ක් වූ අවසානයේදී ප්‍රබාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ, ඕශධ ප්‍රනාන්දුගේ සුපිරි උඩපන්දු රැකීම හේතුවෙන් Mohammed Rizwan දැවීගියේය.

 

 

Mohammed Rizwan දවාගැනීමෙන් අනතුරුව යැවූ පලමු පන්දුවෙන්ම නැවතත් ප්‍රබාත් ජයසූරිය Shaheen Afridi ව දවාගත් අතර , ඒ සමඟින් ඔහු මෙම ඉනිමේද කඩුලු 5ක් ලබාගැනීමට සමත්විය.

ඒ අනුව, දෙවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන ප්‍රබාද් ජයසූරිය, දිවියේ පලමු ඉනිම් තුනේදීම පිට පිට කඩුලු 5+ බැඟින් ලබාගැනීමට සමත්වූ අතර, එවැනි දස්කමක් කළ පලමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්වීමට ද ප්‍රබාත් ජයසූරිය සමත්වුණා.

 

 

තවද, මෙම සුපිරි පන්දු යැවීම හමුවේ පලමු තරඟ දෙකේදී තුන් වතාවක් කඩුලු 5+ බැඟින් දවාගත් ක්‍රීඩකයින් අතර ලොව 8 වන ක්‍රීඩකයා බවට පත්වීමට ද ප්‍රබාත් ජයසූරිය අද (17) සමත්වුණා.

මීට පෙර , සිය දෙවන තරඟය අවසන් වන විට කඩුලු 5+ බැඟින් අවස්ථා තුනකදී දවාගැනීමට සමත්වී ඇති ක්‍රීඩකයින් 7 දෙනා මෙන්න,

 

1) Tom Richardson – එංගලන්ත – 1894
2) Sydney Barnes – එංගලන්ත – 1902
3) Clarrie Grimett – ඕස්ට්‍රේලියාව – 1926
4) Rodney Hogg – ඕස්ට්‍රේලියාව – 1978
5) Narendra Hirwani – ඉන්දියාව – 1988

6) Mehidy Hasan – බංග්ලාදේශය – 2016
7) Axar Patel – ඉන්දියාව – 2021
8) Prabath Jayasuriya *** – 2021

 

 

පකිස්තාන කණ්ඩායමේ 8 වන කඩුල්ල හා 9 වන කඩුල්ල ලකුණු 148ක් වන විට දවාගැනීමට මහීශ් තීක්ශන හා රමේෂ් මෙන්ඩිස් සමත්වූවත්, පිටියේ ස්ථාවර සිටි නායක බාබර් අසාම්, අවසන් පිටිකරු Naseem Shah සමඟින් එක්ව පකිස්තාන ඉනිම ලකුණු 218ක් දක්වා ගෙන යාමට සමත්වුණා.

 

 

එහිදී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් නායකත්වයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ බාබර් අසාම් පන්දු 244කදී හතරේ පහර 11ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 119ක් ලබාගැනීමට සමත්වුණා. මෙය බාබර් අසාම්ගේ ටෙස්ට් දිවියේ 7 වන ශතකයයි.

 

 

පන්දු යැවීමේදී ප්‍රබාත් ජයසූරිය ලබාගත් කඩුලු 5ට අමතරව, රමේෂ් මෙන්ඩිස් පන්දුවාර 13ක් අවසානයේදී ලකුණු 18කට කඩුලු 2ක් හා මහීශ් තීක්ශන පන්දුවාර 25.5ක් අවසානයේදී ලකුණු 68කට කඩුලු 2ක් ලබාගත් අතර, කසුන් රාජිත ද ලකුණු 42කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.

 

 

අනතුරුව, පකිස්තාන පලමු ඉනිමට වඩා ලකුණු 4ක් ඉදිරියෙන් සිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර, ශ්‍රී ලංකා ඉනිම ලකුණු 33ක් වන විට පලමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 16කට දැවීයාමට ලක්වුණා.

අද (17) දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබාගෙන සිටින අතර, නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඕශධ ලකුණු 16ක් හා කසුන් රාජිත ලකුණු 3ක් ලබාගෙන සිටිනවා.

 

 

හෙට (18) තරඟයේ තුන්වන දිනයයි.

ප්‍රබාත් ජයසූරිය ලබාගත් කඩුලු 5 | ඕෂධ ප්‍රනාන්දු ලබාගත් උඩපන්දුව හා දිනේශ් චන්දිමාල් රැකගත් උඩපන්දුව වීඩියෝ මෙන්න, 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *