පකිස්තාන ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදා ලකුණු 15ක ජයක් ලබාගැනීමට වර්ල්ඩ් ලෙජන්ඩ් කණ්ඩායම සමත්වෙයි.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වන Friendship CUP නම් පන්දුවාර 10කින් යුත් තරඟාවලියේ හතරවන තරඟය ලෙස අද (6) පැවතී World Legend XI හා Pakistan Legends කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 15ක ජයක් වාර්ථා කිරීමට World Legends Xi කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන ලෙජන්ඩ්ස් කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් වර්ල්ඩ් ලෙජන්ඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 137 ක් ලබාගැනීමට සමත්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 38කදී හතරේ පහර 9ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 78ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Phil Mustand පන්දු 16කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබාගත් අතර, Juspiter Ghosh නොදැවී ලකුණු 4 ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී පකිස්ථාන ලෙජන්ඩ් කණ්ඩායමේ Abdur Rehman පමණක් එක් කඩුල්ලක් දවාගත් අතර අන් කිසිඳු පන්දු යවන්නෙකුට සාර්ථක වීමට නොහැකි විය.
අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන ලෙජන්ඩ් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 122ක් පමණයි.
ඉන්දියා ලෙජන්ඩ්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Abdur Rehman වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 16 කදී හතරේ පහර 2ක් හා හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Naved Latif පන්දු 10කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ලබාගත් අතර, Yasir Hameed පන්දු 9කදී ලකුණු 15ක් හා ආරම්භක පිතිකරු Imran Nazir පන්දු 5කදී ලකුණු 14ක් ලබාගැනීමට සමත්විය.
වර්ල්ඩ් ලෙජන්ඩ් වෙනුවෙන් පන්දු යැවීමේදී Abdur Razzak විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 2 අවසානයේදී ලකුණු 23 කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වූ අතර අජන්ත මෙන්ඩිස් ලකුණු 24කට කඩුලු දෙකක් හා චමින්ද වාස් ද ලකුණු 8කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
ඒ අනුව තරඟාවලියේ වර්ල්ඩ් ලෙජන්ඩ් කණ්ඩායම සහභාගී වූ දෙවන තරඟයත් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් ලකුණු 78ක් ලබාගත් තිලකරත්න ඩිල්ශාන් වේ.
තරඟයේ විශේෂ අවස්ථා (Highlights) මෙතනින් නරඹන්න. (ඩිල්ශාන්ගේ පිතිහරඹය හා අජන්ත මෙන්ඩිස්ගේ පන්දු යැවීම)