පකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් අමීර් අයි.පී.එල් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක්..

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ගිය වසරේ පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුව මඟින් එක් සංචාරයක් සඳහා මොහොමඩ් අමීර්ගේ නම ඇතුළත් නොකිරීම හේතුවෙන් අමීර් ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කළේය.

තවමත් අවුරුදු 29 හැවිරිදි මොහොමඩ් අමීර් පකිස්ථාන ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරඟ 36ක්, එක්දින තරඟ 61ක් හා විස්සයි විස්ස තරඟ 50ක් ක්‍රීඩා කර ඇති ඔහු පකිස්ථාන කණ්ඩායම වෙන්වෙන් කඩුලු 259ක් දවා ගැනීමට සමත් වී ඇත.


මොහොමඩ් අමීර්ගේ මීලඟ බලාපොරොත්තුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමයි. නමුත් ඉන්දියාව විසින් පකිස්ථාන ජාතිකයින්ව අයි.පී.එල් තරඟාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් මොහොමඩ් අමීර් එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබාගෙන ඉන් පසුව අයි.පී.එල් තරඟාවලිය ක්‍රීඩා කිරීමට හැකි බව වාර්ථාවෙයි.

මීට පෙර පකිස්ථාන ජාතික Azhar Mohmood බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ගෙන පසුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කර ඇති අතර, ඔහු විසින් ක්‍රීඩා කර ඇත්තේ Kings XI punjab කණ්ඩායමට හා Kolkata Knight Riders කණ්ඩායමටයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *