පකිස්ථාන සුපිර් ලීග් තරඟාවලිය පාරිභෝගිකයින් හට සජීවීව නැරඹිය හැකි ආකාරය.

2021 PSL තරගාවලිය පකිස්තානය තුලදී පසුගිය පෙබරවාරි මසදී ආරම්භ වූ අතර , තරග 14 ක් පමණක් ක්‍රියාත්මක කොට මාසයක් පමණ කාලයක් තුලදී තරගාවලිය කල්දැමීමට සිදුවුනේ කොවිඩ් – 19 වෛරසය ක්‍රීඩකයින් සහ නිලධාරීන් කිහිපදෙනෙක් හට වැලදීම හේතුවෙනි.


එසේ කල්දැමුනු තරගාවලියේ ඉතුරු තරඟ නැවත ජුනි මස පලමු වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනුමැතිය පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබී ඇති බව වාර්ථා වෙනවා.


මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා Karachi Kings කණ්ඩායමටත්, සීකුගේ ප්‍රසන්න Lahore Qalandars කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමට නියමිතයි.


මෙම සම්පූර්ණ තරඟාවලිය නාළිකා දෙකකින් සජීවීව නැරඹීමට අවස්ථාව ඇත.

ඩයලොග් ටීවී පාරිභෝගිකයින් හට,
Sony TEN 1 – Channel No – 68
TEN Cricket – Channel No – 69

පියෝ ටීවී පාරිභෝගිකයින් හට,
Sony TEN – Channel No – 38
TEN Cricket – Channel No – 44


ඊට අමතරව පකිස්ථාන සුපර් ලීග් තරඟවලියේ ප්‍රේක්ෂකයන් හට Dialog Viu App හරහා හෝ Sony Liv App හරහා සජීවීව තරඟ නැරඹීමට හැකියාව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *