පන්ජාබ් කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වෙයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) IPL තරඟාවලියේ 52 වන තරඟය ලෙස පැවතී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්ථා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් පන්ජාබ් කින්ග්ස් නායක පන්ජාබ් කින්ග්ස් නායක Mayank Agarwal පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 189 ලබා ගැනීමට සමත්වුණා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජොනී බෙයාස්ටෝ අර්ධ ශතකයක් ලබාගත් අතර, ඔහු පන්දු 40 කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබාගැනීමට සමත්විය. මෙය මෙවර තරඟාවලියේදී බෙයාස්ටෝ රැස්කළ පලමු අර්ධ ශතකයයි.
ඊට අමතරව භානුක රාජපක්ෂ පන්දු 18කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබාගත් අතර Jitesh Sharma පන්දු 18කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 38ක් ලබාගැනීමට සමත්විය. ලියම් ලිවින්ස්ටන් – 22 (14)
පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චහාල් පන්ජාබ් කණ්ඩායමේ වටිනා කඩුලු 3ක් වන භානුක රාජපක්ෂ , Mayank Agarwal , ජොනී බෙයාස්ටෝ යන ක්‍රීඩකයින් තිදෙනාව දවාගැනීමට (4-0-28-3) සමත්වූ අතර Prasidh Krishna හා රවිචන්ද්‍රන් අශ්වින් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
අනතුරුව ලකුණු 190 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර යාමට සමත්වුණා.
රාජස්ථාන් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් අර්ධ ශතකයක් රැස්කළ අතර ඔහු පන්දු 41කදී හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 68ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ජෝස් බට්ලර් පන්දු 16කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 30ක් හා දෙව්දත් පඩික්කල් පන්දු 32කදී ලකුණු 31ක් ලබාගත් අතර ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ශිම්රොන් හෙට්මයර් පන්දු 16කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබාගැනීමට සමත්වුණා.
පන්ජාබ් ඉනිමේ බිඳ වැටුනු කඩුලු 4 දවාගැනීමට හැකිවූයේ Arshdeep Singh (4-0-29-2) , Rishi Dhawan (3-0-25-0) හා Kagiso Rabada (4-0-50-1) වේ.
ඒ අනුව තවත් පන්දු 2ක් ඉතිරිව තිබියදී පන්ජාබ් කණ්ඩායම පරදවමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරඟය කඩුලු 6කින් ජයග්‍රහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ අර්ධ ශතකයක් ලබාගත් යෂස්වි ජයිස්වාල් වේ.
භානුක රාජපක්ෂගේ ඉනිම වීඩියෝව ,
— cric fun (@cric12222) May 7, 2022
භානුක රාජපක්ෂ රැකගත් විශිෂ්ට උඩපන්දුව (වීඩියෝව)