පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම පරදා, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරඟාවලියේ 4වන ජය ලබාගනී.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 28 වන තරඟය ලෙස පැවතී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම  හා පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් නායක කේන් විලියම්සන් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමු පන්දුවට පහර දුන්  පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී සියලුම දෙනා ලබාගැනීමට හැකිවූයේ ලකුණු 151ක් පමණයි.

පන්ජාබ් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ලියම් ලිවින්ස්ටන් අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 33කදී හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 60 ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Shahrukh Khan පන්දු 28කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 26 ක් ලබාගත් අතර අන් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟාවීමට නොහැකි විය. අද (17) දින පන්ජාබ් කණ්ඩායම මෙහෙයවූ ශිකර් දවාන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 8ක් පමණයි

 

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ උම්රාන් මලික් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 28ට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්විය. ඔහු 20 වන පන්දුවාරයේදී කඩුලු 3ක් බිඳ හෙලීමට සමත්විය. ඊට අමතරව බුවනේෂ්වර් කුමාර් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 22කට කඩුලු 3ක් හා T Natarajan හා Jagadeesha Suchith අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

 

 

ඉන් අනතුරුව ලකුණු 152ක පහසු ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18.5 ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 152ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.

හයිද්‍රාබාද් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඒඩන් මාක්‍රම් පන්දු 27කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 41 ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව රාහුල් ත්‍රිපාති පන්දු 22කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 34ක් හා අභිෂේක් ශර්මා පන්දු 25කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබාගත් අතර Nicholas Pooran පන්දු 30කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 35ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ බිඳ වැටුනු කඩුලු 3 සඳහා හිමිකම් කීවේ Rahul Chahar හා Kagiso Rabada වේ. Rahul Chahar පන්දුවාර 4 අවසානයේදී ලකුණු 28කට කඩුලු 2ක් බිඳ දැමූ අතර K rabada ලකුණු 29කට එක් කඩුල්ලක් බිඳ දැමීය.

ඒ අනුව පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරඟාවලියේ හතරවන ජය වාර්තා කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ සුපිරි පන්දු යැවීමක නිරත වූ උම්රාන් මලික් වේ.

 

උම්රාන් මලික්ගේ විශිෂ්ට පන්දු යැවීම (වීඩියෝ)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *