පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 20ක ජයක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 42 වන තරඟය ලෙස පැවතී ලක්නව් සුපර් ජයන්ට්ස් හා පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 20 විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද (29) සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් පන්ජාබ් කණ්ඩායමේ නායක Mayank Agarwal පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 153ක් ලබාගැනීමට සමත්වුණා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 37කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 46ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Deepak Hooda පන්දු 28කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබාගත් අතර දුශ්මන්ත චමීර පන්දු 10කදී හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් හා Mohsin Khan පන්දු 6කදී එක් හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද ලබාගැනීමට සමත්වුණ.
පන්දු යැවීමේදී Kagiso Rabada පන්දුවාර 4 අවසානයේදී ලකුණු 38කට කඩුලු 4ක් දවාගැනීමට සමත්වූ අතර, Rahul Chahar ලකුණු 30කට කඩුලු 2ක් හා Sandeep Sharma එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත්වුණා.
අනතුරුව ලකුණු 154ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ලක්නව් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 133ක් පමණයි.
පන්ජාබ් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ජොනී බෙයාස්ටෝ පන්දු 28කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව නායක Mayank Agarwal පන්දු 17කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබාගත් අතර, Rishi Dhawan පන්දු 22කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් හා Liam Livingstone පන්දු 16කදී ලකුණු 18ක් ද ලබාගැනීමට සමත්වුණා. මෙම තරඟයේදී භානුක රාජපක්ෂ හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු ලකුණු 9ක් පමණයි.
පන්දු යැවීමේදී පන්ජාබ් කණ්ඩායමට එරෙහිව සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් Mohsin Khan පන්දුවාර 4 අවසානයේදී ලකුණු 24කට කඩුලු 3ක් ලබාගැනීමට සමත්වුණා. ඊට අමතරව දුශ්මන්ත චමීර ලකුණු 17කට කඩුලු 2ක් ද, Krunal Pandya ලකුණු 11කට කඩුලු 2ක් හා Ravi Bishnoi ලකුණු 41කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
ඒ අනුව පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 11කට කඩුලු 2ක් බිඳ හෙලූ Krunal Pandya වේ..
දුශ්මන්ත චමීර ලබාගත් කඩුලු 2 (වීඩියෝව)
— cric fun (@cric12222) April 29, 2022
— cric fun (@cric12222) April 29, 2022