පලමු ටෙස්ට් තරඟයෙන් ඕස්ට්‍රේලියාවට විශිෂ්ඨ ජයක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර, තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ ජුනි 29 වෙනිදා පලමු ටෙස්ට් තරඟය ආරම්භ වූ අතර, අද (1) දින ඕස්ට්‍රේලියා කණ්ඩායම තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 212ක් ලබාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා පලමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝශන් දික්වැල්ල පන්දු 59කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 58ක් ලබාගත් අතර, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39ක් හා නායක දිමුත් කරුණාරත්න ලකුණු 28ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ නේතන් ලයන් ලකුණු 90කට කඩුලු 5ක් බිඳ දැමූ අතර, Mitchell Swepson ලකුණු 55කට කඩුලු 3ක් හා Pat Cummins , Mitchell Starc එක් කඩුල්ල බැඟින්ද දවාගැනීමට සමත්වුණා.
අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 70.5ක් ක්‍රීඩා කරමින් සියලුම දෙනාදැවී ලකුණු 321ක් ලබාගැනීමට සමත්වුණා.
එහිදී ඕස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Cameron Green පන්දු 109කදී ලකුණු 77ක් ලබාගත් අතර, Usman Khawaja පන්දු 130කදී ලකුණු 71ක් හා Alex Carey පන්දු 47කදී ලකුණු 45ක් ද ලබාගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් ලකුණු 112කට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත්විය. ඊට අමතරව ජෙෆ්රි වැන්ඩසේ හා අසිත ප්‍රනාන්දු කඩුලු 2ක බැඟින් දවාගත් අතර දනංජය ද සිල්වා එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම, ඕස්ට්‍රේලියා පලමු ඉනිමට වඩා ලකුණු 109ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායම හට දෙවන ඉනිම සඳහා සියලුම දෙනාදැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 113ක් පමණයි.
එහිදී වැඩිම ලකුණු ලාභියා වූ නායක දිමුත් කරුණාරත්න පන්දු 20කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 23ක් ලබාගත් අතර, පැතුම් නිස්සංක පන්දු 19කදී ලකුණු 14ක් ද ලබාගැනීමට හැකිවිය.
ඇන්ජලෝ මැතිව්ස් කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීම නිසා අද තරඟයේ ඔහු වෙනුවට පන්දුවට පහර දුන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 12ක් ලබාගත් අතර, පලමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝශන් දික්වැල්ල හට මෙවර ලබාගැනීමට හැකිවූයේ ලකුණු 3ක් පමණයි.
පලමු ඉනිමේ මෙන්ම මෙවර ද සුපිරි පන්දු යැවීමක නිරත වූ නේතන් ලයන් පන්දුවාර 11කදී ලකුණු 31කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වුණා.
නේතන් ලයන් මෙම තරඟයේදී සම්පූර්ණ කඩුලු 9ක් බිඳ දැමීමට සමත්වූ අතර, ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු ලබාගෙන ඇති දඟපන්දු යවන්නන් අතරින් 5වන ස්ථානයට පැමිණීමට සමත්වුණා.
මීට පෙර රංගන හේරත් ඉනිම් 170කදී කඩුලු 433ක් ලබාගනිමින් 5 වන ස්ථනයේ සිටි නමුත්, නේතන් ලයන් ලබාගත් කඩුලු 9ත් සමඟින් ඉනිම් 206කදී කඩුලු 434ක් ලබාගනිමින් 5 වන ස්ථානයට පැමිණියා.
ඒ අනුව ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් ලබාගෙන ඇති දඟපන්දු යවන්නන් මෙන්න.
1) මුත්තයියා මුරලිදරන් – කඩුලු 800යි. ඉනිම් 230යි.
2) ශේන් වෝර්න් – කඩුලු 708යි. ඉනිම් 273
3) අනිල් කුම්බ්ලේ – කඩුලු 619. ඉනිම් 236
4) රවිචන්ද්‍රන් අශ්වින් – කඩුලු 442. ඉනිම් 162
5) නේතන් ලයන් – කඩුලු 434. ඉනිම් 206
6) රංගන හේරත් – කඩුලු 433. ඉනිම් 170
මෙම තරඟයේදී දෙවෙනි ඉනිමේදී නේතන් ලයන්ට අමතරව තවත් සුපිරි පන්දු යැවීමක නිරත වූ Travis Head පන්දුවාර 2.5ක් පමණක් ක්‍රියාත්මක කරමින් ලකුණු 10කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව Michell Swepson ද කඩුලු 2ක් බිඳ දැමීය.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමට තරඟය ජයගැනීමට අවශ්‍ය වු ලකුණු ප්‍රමාණය ලකුණු 5ක්.
ඕස්ට්‍රේලියා ආරම්භ පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 4කින් ලකුණු 10ක් ලබාගනිමින් තරඟය පහසුවෙන් ජයග්‍රහණය කළ අතර, මෙම තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ ලකුණු 77ක් ලබාගත් Cameron Green වේ.

අසිත ප්‍රනාන්දු යෝකර් පන්දුවක් හමුවේ පැට් කමින්ස් දැවීගිය ආකාරය..(වීඩියෝව)
— cric fun (@cric12222) July 1, 2022