පලමු ටෙස්ට් තරඟයේදීම සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා පලමු ඉනිම නිමා වෙයි.
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය ඊයේ (21) ආරම්භ වුණ අතර, ඊයේ පලමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබාගැනීමට සමත් වුණා. ඒ වන ටිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි දිමුත් කරුණාරත්න ලකුණු 132ක් ද, දනන්ජය ද සිල්වා ලකුණු 56ක් ද ලබාගෙන තිබුණා. (වීඩියෝ පහළින් නැරඹිය හැක)
අද (22) තරඟයේ දෙවන දිනය ආරම්භ වුණ අතර ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 281ක් වන විට 4වන කඩුල්ල ලෙස දනන්ජය ද සිල්වා අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර, දැවී යන විට ඔහු පන්දු 129කදී හතරේ පහරවල් 5ක් සමඟින් ලකුණු 61ක් ලබාගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් දැවී යාමෙන් අනතුරුව දිමුත් කරුණාරත්න හා දනන්ජය ද සිල්වා එක්ව හතරවන කඩුල්ල සඳහා එක්කළ සබඳතාවය ලකුණු 111ක්.
අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 15ක් එක්වූ පසුව නායක දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ඉනිම නිමාවට පත්වූ අතර, දැවී යන විට ඔහු පන්දු 300කදී ලකුණු 147ක් (4*15) ක් ලබා ගැනීමට සමත් වුණා. ටෙස්ට් පිටියේ 13වන ශතකය රැස්කර ගැනීමට සමත් වූ දිමුත් කරුණාරත්නගේ මෙය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව වාර්ථා කළ දෙවන ශතකය වේ.
ඊට අමතරව ශ්‍රී ලංකා පලමු ඉනිම වෙනුවෙන්, දිනේශ් චන්දිමාල් පන්දු 83කදී ලකුණු 45ක් ලබාගැනීමට සමත් වූ අතර අර්ධ ශතකයට ලකුණු 5ක් ඉතිරිව තිබියදී අවාසනාවන්ත ලෙස දැවී යාමට ලක්වුන අතර, අවසානයේදී ලසිත් ඇඹුල්දෙණිය පන්දු 18කදී හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබාගැනීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා පලමු ඉනිම නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 386ක් ලබාගැනීමට සමත් වුණා.
පැතුම් නිස්සංක – 56 (140)
දිමුත් කරුණාරත්න – 147 (300)
ඕෂධ ප්‍රනාන්දු – 03 (27)
ඇන්ජලෝ මැතිව්ස් – 03 (25)
දනන්ජය ද සිල්වා – 61 (95)
දිනේශ් චන්දිමාල් – 45 (83)
රමේශ් මෙන්ඩිස් – 13 (49)
සුරංග ලක්මාල් – 11 (44)
දුශ්මන්ත චමීර – 3 (12)
ලසිත් ඇඹුල්දෙණිය 17 (18)
ප්‍රවීන් ජයවික්‍රම* – 8 (18)
පන්දු යැවීමේදී Roston Chase සුපිරි පන්දු යැවීමක නිරත වෙමින ලකුණු 83කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර , Jomel Warrican ලකුණු 87මට කඩුලු 3ක් හා Shannon Gabriel ලකුණු 69කට කඩුලු 2ක් ලබාගැනීමට සමත් විය.
අවාසනාවන්ත ලෙස දනන්ජය ද සිල්වා දැවී ගිය ආකාරය –
— cric fun (@cric12222) November 22, 2021
දිමුත් කරුණාරත්න දැවී ගිය ආකාරය,
Dimuth Karunaratne OUT 147 (300)#SLvsWI #DimuthKarunarathne pic.twitter.com/N3V4Mdk7Rm
— Stay Cricket (@staycricket) November 23, 2021