පලමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු ටෙස්ට් තරඟය ජුනි 29 සිට ජූලි 3 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරඟාවලිය ආරම්භටට පෙර ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අද දින මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් තරඟාවලිය පිලිඹඳ අදහස් දැක්වූ අතර එහිදී පලමු ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායමද නම් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරඟයේ තණතිල්ල දඟපන්දු යවන්නන් හට උචිත තණතිල්ලක් වන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වේගපන්දු යවන්නෙක් හා දඟපන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව පලමු ටෙස්ට් තරඟයේදී, වයස අවුරුදු 32ක් වන ජෙෆ්රි වැන්ඩසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගනීමට නියමිත බව ද වාර්තා වෙනවා.
නිමාවූ ටෙස්ට් තරඟ 2කින් යුත් බංගලාදේශ සංචාරය ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩක පැතුම් නිස්සංක නැවතත් ටෙස්ට් සංචිතයට එක්ව සිටින අතර, පලමු තරඟයේදී නායක දිමුත් කරුණාරත්න සමඟින් ඉනිම ආරම්භ කිරීමට නියමිත බවද සඳහන් වෙනවා.
ඒ අනුව, බංගලාදේශයට එරෙහිව පැවතී ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු ලෙස කටයුතු කළ ඕෂධ ප්‍රනාන්දු මෙම කණ්ඩායට ඇතුළත් වී නොමැත.
ඒ අනුව පලමු තරඟය ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම…
(1) පැතුම් නිස්සංක
(2) දිමුත් කරුණාරත්න
(3) කුසල් මෙන්ඩිස්
(4) ඇන්ජෙලෝ මැතිව්ස්
(5) ධනංජය ද සිල්වා
(6) දිනේෂ් චන්දිමාල්
(7) නිරෝෂන් දික්වැල්ල
(8) රමේෂ් මෙන්ඩිස්
(9) ජෙෆ්රි වැන්ඩර්සේ
(10) ලසිත් ඇඹුල්දෙණිය
(11) අසිත ප්‍රනාන්දු
මෙම ටෙස්ට් තරඟාවලියේ විකාශන අයිතිය ලබාගනීමට Channel Eye විසින් ලබාගෙන ඇති අතර, සියලුම දෙනා හට උදෑසන 10.00 සිට තරඟය නැරඹිය හැක.
ඊට අමතරව ඩයලොග් TV හා පියෝ TV පාරිභෝගිකයින් හට ද තරඟාවලිය නැරඹීම සඳහා නාලිකාවන් දෙකක් ලබාදී ඇති අතර එම නාළිකාවන් මෙන්න,
(1) Sony TEN 2
Dialog TV – නාලිකා අංකය – 70
PEO TV – නාලිකා අංකය – 45
(2) TEN Cricket
Dialog TV – නාලිකා අංකය – 69
PEO TV – නාලිකා අංකය 44
තවද, මෙම තරඟාවලිය ද ශ්‍රී ලංකා ක්‍රිකට් යූටියුබ් නාළිකාව ඔස්සේ සජීවීව නැරඹීමට ප්‍රේක්ෂකයින් හට අවස්ථාව ලැබෙන අතර, Dialog ViU App, PEO TV GO App, Sony Liv App හරහා ද තරඟාවලිය නැරඹිය හැක.