පලමු තරඟයෙන් ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාවට පහසු ජයක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය අද (7) ආරම්භක වූ අතර, පැවතී පලමු තරඟයෙන්ම ශ්‍රී ලංකාව පරදා කඩුලු 10ක පහසු ජයක් ලබාගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණ.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා නායක Aaron Finch පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.3ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 128ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක පන්දු 34කට මුහුණදෙමින් හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබාගැනීමට සමත්වුණා.

 

(Photo by Pradeep Dambarage/NurPhoto via Getty Images)

 

ඊට අමතරව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 31කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබාගත් අතර, දනුශ්ක ගුණතිලක පන්දු 15කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 26ක් හා වනිඳු හසරංග පන්දු 15කදි ලකුණු 17ක් ද ලබාගැනීමට සමත්විය.

 

(Photo by Pradeep Dambarage/NurPhoto via Getty Images)

 

පැතුම් නිස්සංකගේ අද ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ 20 වන ඉනිම ක්‍රීඩා කළ අතර එහිදී ලබාගත් ලකුණු 36ත් සමඟින් සම්පූර්ණ ලකුණු 598ක් ලබාගැනීමට සමත්වී ඇත. නිස්සංකගේ මෙම ඉනිම් 20 ඇතුළත ඉනිම් 10කදී ලකුණු 30කට වැඩි ප්‍රමාණයක් ලකුණු ලබාගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම් 20 තුළදී වැඩිම ලකුණු හා වැඩිම වාරගණනක් ලකුණු 30කට වඩා ලබාගෙන ඇති ක්‍රීඩකයා බවට පත්වීමට පැතුම් නිස්සංක සමත්වුණා.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

1) පැතුම් නිස්සංක – ඉනිම් 20 – ලකුණු 598 – ලකුණු 30කට වඩා ලබාගත් ඉනිම් ගණන 10

2) කුමාර් සංගක්කාර – පලමු ඉනිම් 20 තුළදී ලකුණු 576 – ලකුණු 30කට වඩා ලබාගත් ඉනිම් ගණන 8

 

(Photo by Gareth Copley/Getty Images)

 

3) තිලකරත්න ඩිල්ශාන් – පලමු ඉනිම් 20 තුළදී ලකුණු 572 – ලකුණු 30කට වඩා ලබාගත් ඉනිම් ගණන 9

 

(Photo credit should read ISHARA S.KODIKARA/AFP via Getty Images)

 

4) කුසල් පෙරේරා – පලමු ඉනිම 20 තුළදී ලකුණු 544 – ලකුණු 30කට වඩා ලබාගත් ඉනිම් ගණන 6

 

(Photo credit should read MARWAN NAAMANI/AFP via Getty Images)

 

5) සනත් ජයසූරිය – පලමු ඉනිම් 10 තුළදී ලකුණු 542 – ලකුණු 30කට වඩා ලබාගත් ඉනිම් ගණන 7

 

(Photo by Hamish Blair/Getty Images)

 

අද (7) පැවතී මෙම තරඟයේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ජෝෂ් හේසල්වුඩ් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 16කට කඩුලු 4ක් දවාගැනීමට සමත්වුණා. ඊට අමතරව මිචෙල් ස්ටාර්ක්ස් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 26කට කඩුලු 3ක් හා Kane Richardson ලකුණු 22කට එක් කඩුල්ලක් ද බිඳ දැමීමට සමත්විය.

 

(Photo by Pradeep Dambarage/NurPhoto via Getty Images)

 

ඉන් අනතුරුව පහසු ඉලක්කයක් ලබායෑම සඳහා පිටියට පිවිසී ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 14ක් පමණක් අවසානයේදී කිසිම කඩුල්ලක් නොදැවී ලකුණු 134ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්වුණා.

ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ සිය 22 වන අර්ධ ශතකය ලබාගත් අතර ඔහු පන්දු 44කදී හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබාගැනීමට සමත්විය.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

වෝනර් අද ලබාගත් අර්ධ ශතකයත් සමඟින් වාර්තාවක් පිහිටවූ අතර, ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව පිට පිට තරඟ 5කදී ලකුණු 50+ ලබාගත් ක්‍රීඩකයා බවට පත්වුණා. ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් විස්සයි විස්ස තරඟ 5දී ලබාගත් ලකුණු – 70* , 65 , 57* , 60* , 100*

ඩේවිඩ් වෝනර් සමඟින් එක්ව ඕස්ට්‍රේලිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය නායක Aaron Finch ද අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 40කදී හතරේ පහර 4 ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබාගැනීමට සමත්විය.

 

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට කඩුලු ලබාගැනීමට නොහැකි වූ අතර, දුශ්මන්ත චමීරගේ පන්දුවාර 4 තුළදී ලකුණු 48ක් හා වනිඳු හසරංග ක්‍රියාත්මක කළ පන්දුවාර 2 තුළදී ලකුණු 27 ක් ලබාගැනීමට ඩේවිඩ් වෝනර් හා Aaron Finch සමත්වුණා.

ඒ අනුව පලමු විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 10ක ජයක් ලබාගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 16කට කඩුලු 4ක් බිඳ දැමූ ජෝෂ් හේසල්වුඩ් වේ.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

දනුශ්ක ගුණතිලක එල්ල කළ (Scoop) හයේපහර හා හතරේ පහරක්  වීඩියෝව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *