පලමු තරඟයේදීම ලෝක වාර්ථාවක් තැබූ ප්‍රවීන් ජයවික්‍රමගේ ඔබ නොදන්නා දේවල් හා ජායාරූප 20ක්.

1998 සැත්තැම්බර් 22 වන දින මොරටුවේදී උපත ලැබූ ප්‍රවීන් ජයවික්‍රම මේ වන විට ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයක් දන්නා ක්‍රීඩකයෙක්. ඒ ඔහු ක්‍රීඩාකල පලමු තරඟයෙන්ම ලෝක වාර්ථාවක් තැබීමට හැකිවීම නිසායි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට පෙර ප්‍රවීන් ජයවික්‍රම පලමු පෙළ තරඟ 11ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී කඩුලු 51ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. එහිදී ඉනිමක හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 91ට කඩුලු 6ක් බිඳ දැමීමයි. ඊට අමතරව ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් තරඟ 9ක් ක්‍රීඩාකරමින් කඩුලු 17ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා

නිමාවූ බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරඟාවලියේ දෙවනි ටෙස්ට් තරඟයේදී ටෙස්ට් වරම් දිනාගැනීමට සමත් වූ ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 156 වන ක්‍රීඩකයායි. එම තරඟයේ දී ප්‍රවීන් විසින් ලෝක වාර්ථා කිහිපයක් අලුත් කිරීමට සමත් වුණ අතර මංගල තරඟයේදීම තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් විය.

මංගල තරඟයෙන්ම ප්‍රවීන් විසින් තැබූ වාර්ථා..

පලමු ඉනිමේදී ලකුණු 92ට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරඟයේදී ඉනිමක කඩුලු 5ක් දවාගත් 5වන පන්දු යවන්නා බවට පත් වීමට හැකි විය.

එම තරඟයේදී දෙවන ඉනිමේදීත් හොඳින් පන්දු යැවූ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 86ට කඩුලු 5ක් බිඳ දැමීට හැකි වීම නිසා ශ්‍රී ලංකාව වෙනුවෙන් පලමු ටෙස්ට් තරඟයේදීම කඩුලු 10ක්+ ලබාගත් ප්‍රථම ක්‍රීඩකයා බවට පත් වීමට හැකි විය. ප්‍රවීන් ලෝකයෙන්ම එවැනි දස්කමක් සිදුකළ 16වන ක්‍රීඩකයායි.

දැන් අපි ප්‍රවීන් ජයවික්‍රම ගැන ඔහුගේ මව දැක්වූ අදහස් ගැන බලමු.

ප්‍රවීන්ට අවුරුදු 6ක් 7ක් කාලයේදී එයාගේ අයියා ක්‍රිකට් ප්‍රැක්ටිස් යන කොට ප්‍රවීන් ඇඬුවා එයාටත් යන්න ඕනේ කියලා. ඊට පස්සේ මම එයාවත් අයියා ප්‍රැක්ටිස් කරන තැනට එක්ක ගියා. ඔහොම යන කොට ප්‍රවීන් ශිෂ්‍යත්වේ ලිව්වට පස්සේ මට කිව්වා එයාට ක්‍රිකට් ගහන්න ඕනේ කියලා. ඊට පස්සේ කළුතර සිරිකුරුස විදුහලේ ඇකඩමියට ගිහින් මම එයාව බාර දුන්නා. ඒ විදුහලේ 13න් පහළ ක්‍රීඩා කරමින් ඉන්න කොට එයාව දිස්ත්‍රික් කණ්ඩායමට තේරුණා. එතනින් පස්සේ පළාත් කණ්ඩායමට තේරුණා. පළාත් මැච් වලදී ප්‍රවීන් තමයි බෙස්ට් බෝලර් වුණේ. බෙස්ට් බැට්ස්මන් වුණේ පැතුම් නිස්සංක.

ප්‍රවීන් 19න් පහළ ටික කාලයක් සෙල්ලම් කරාට පස්සේ ශ්‍රී ලංකා ටීම් එකේ අවස්ථාවක් ලැබුණේ නැති නිසා එයා ලංකාව අතහැරලා එංගලන්තයට යන්න හැදුවා. මම ප්‍රවීන්ගෙ සර්ට කෝල් කරලා කිව්වට පස්සේ සර් කතා කරලා කිව්වා ප්‍රවීන් ඔයා යන්න එපා ඔයාට අවස්ථාවක් ලැබෙයි කියලා. ඊට පස්සේ එංගලන්තයට යන අදහස නැති වුණා.

මම ක්‍රිකට් ගැන දන්නේ නැහැ. ප්‍රවීන් ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න ප්‍රවීන්ගෙයි, එයාලගෙ තාත්‍තගෙයි හිතේ තිබුණට මම හිතුවේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමට ගහන්න පුලුවන් වෙයි කියලා. ප්‍රවීන් 15න් පහළ ක්‍රීඩා කරන කොට සිරිකුරුස විදුහලේ ප්‍රෝගෑම් එකකට අර්ජුන රනතුංග මහත්‍තයාව ගෙන්නුවා. එදා අර්ජුන රණතුංග ස්කෝලේ විදුහල්පතිට කියලා ගිහිල්ලා තියනවා ප්‍රවීන් ජයවික්‍රම කවදාහරි ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරයි කියලා. එදායින් පස්සේ මටත් බලාපොරොත්තුවක් ඇතිවුණා ප්‍රවීන් කවදාහරි ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරයි කියලා

 

ප්‍රවීන් හරි අහින්සක ළමයෙක්. බොරු, වැරදි දේවල් වලට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා මැච් එකකට ගියාම සම්පූර්ණ මැච් එකම ඇගට ගන්නවා. එයා හිතන්නේ තමන්ගෙ කඩුලු ගණන නෙමේ, මැච් එක දිනන්නේ කොහොමද කියන එක. මම හිතනවා කවදාහරි ප්‍රවීන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනස් කරාවි කියලා.
( ප්‍රවීන්ගේ අම්මා)

1) 

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

(Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

16)

17)

18)

19)

20)

(Photo by Kai Schwoerer-ICC/ICC via Getty Images)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *