පලමු දිනයට තරඟය අවසන් කරන විට නවසීලන්ත කඩුලු 2කට ලකුණු 155යි.

(වීඩියෝ පහළින්ම නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත්වීමෙන් අනතුරුව දෙවන හා අවසන් ටෙස්ට් තරඟය අද (17) වන දින නවසීලන්තයේ Wellington හීදී ආරම්භ වූවා.

 

 

කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, වර්ෂාව නිසා ප්‍රමාද වී ආරම්භක වූ තරඟය, දිනය අවසන් වන විට පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 155ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

නවසීලන්ත ඉනිම Tom Latham හා Devon Conway ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා එක්ව පලමු කඩුල්ල සඳහා ලකුණු 87ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩනඟමින් නවසීලන්තය ඉනිමට හොඳ ආරම්භක් ලබාදීමට සමත්වුණා.

තරඟයේ 25 වන පන්දුවාරයේදී කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ප්‍රබාද් ජයසූරිය අතට උඩපන්දුවක් ලබාදෙමින් නවසීලන්ත ඉනිමේ පලමු කඩුල්ල ලෙස Tom Latham දැවී යන විට ඔහු පන්දු 73කට මුහුණදෙමින් ලකුණු 21ක් ලබාගෙන සිටියා.

 

 

අනතුරුව Devon Conway සමඟින් එක්වූ නවසීලන්ත නායක කේන් විලියම්සන් එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 31ක සබඳතාවක් ගොඩ නැඟූ අතර, දනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ආරම්භක පිතිකරු වූ Devon Conway දැවීයාමට ලක්වුණා.

ඒ වන විට ඔහු පන්දු 108කදී හතරේ පහර 13ක් සමඟින් ලකුණු 78ක් ලබාගැනීමට සමත්වී තිබූ අතර, එය ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ 8 වන අර්ධ ශතකයයි.

 

 

අනතුරුව කේන් විලියම්සන් සමඟින් Henry Nicholls එක්වෙමින් 3 වන කඩුල්ල සඳහා තවත් ලකුණු 37ක් ලබාගෙන සිටි නමුත් අයපන් ආලෝක තත්වය හේතුවෙන් පලමු දිනයට තරඟය අවසන් කිරීමට විනිසුරුවන් තීරණය කරනු ලැබූවා.

ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක කේන් විලියම්සන් පන්දු 76කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබාගෙන සිටි අතර, Henry Nicholls පන්දු 32කදී එක් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබාගෙන සිටියා.

 

 

පන්දු යැවීමේදී කසුන් රාජිත පන්දුවාර 16ක් අවසානයේදී නිළකුණු පන්දුවාර 3ක් සමඟින් ලකුණු 42කට එක් කඩුල්ලක් හා දනංජය ද සිල්වා පන්දුවාර 8කදී නිළකුණු පන්දුවාර 3ක් සමඟින් එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

 

 

හෙට (18) තරඟයේ දෙවන දිනයයි.

දනංජය ද සිල්වා ලබාගත් සුපිරි උඩපන්දුව වීඩියෝව හා කසුන් රාජිත දවාගත් කඩුල්ල වීඩියෝ මෙන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *