පලමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව අසීරු තත්වයක.
(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය අද (12) ආරම්භක වූ අතර පලමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියා..
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිට් ශර්මා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පලමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 59.1 ක් අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 252 ක් ලබාගැනීමට සමත්විය.
ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස Mayank Agarwal ලකුණු 4ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට ලක්වූ අතර, අනතුරුව නායක රෝහිට් ශර්මා ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ දනංජය ද සිල්වා හට උඩ පන්දුවක් ලබාදෙමින් ලකුණු 15කට දැවී ගියා.
අනතුරුව පිටියේ එක්වූ විරාට් කෝලි හා හනුමා විහාරි එක්ව ඉන්දීය ලකුණු පුවරුවට ලකුණු 47ක් එක්කිරීමෙන් අනතුරුව ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ හනුමා විහාරි ලකුණු 31කට හා, දනංජය ද සිල්වාගේ විශිෂ්ට පන්දුවක් හමුවේ විරාට් කෝලි ලකුණු 23කටත් දැවී යාමට ලක්විය.
පෙර තරඟයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රවින්ද්‍ර ජඩේඩා හා වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රිශාබ් පාන්ට් හට මෙම ඉනිමේදී සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර රවින්ද්‍ර ජඩේඩා ලකුණු 4කටත්, රිශාබ් පාන්ට් ලකුණු 39කටත් දැවී ගියේය.
ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දීය ලකුණු පුවරුව 250 සීමාවට රැගෙන යාමට සමත්වූ Shreyas Iyer පන්දු 98කදී හතරේ පහර 10ක් හා හයේ පහරවල් 4ක් සමඟින් ලකුණු 92ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය පන්දුවාර 24කදී ලකුණු 94කට කඩුලු 3ක් හා ප්‍රවීන් ජයවික්‍රම පන්දුවාර 17.1කදී ලකුණු 81කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, දනංජය ද සිල්වා ලකුණු 32කට කඩුලු දෙකක් හා සුරංග ලක්මාල් ද ලකුණු 12කට එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත්විය.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම තම පලමු ඉනිම ආරම්භක කළ අතර, ආරම්භයේ සිටම කඩුලු බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි විය.
මුල් පෙළ පිතිකරුවන්ගෙන් සාර්ථක වූ එකම පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 85කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 42කට දැවී ගිය අතර දනංජය ද සිල්වා ලකුණු 10කටත්, චරිත් අසලංක ලකුණු 8කටත් දැවී ගියේය.
පලමු දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින නිරෝශන් දික්වැල්ල ලකුණු 13ක් හා ලසිත් ඇඹුල්දෙණිය පන්දු 8කට මුහුණදෙමින් ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියේය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Jusprit Bumrah සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 15කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, Mohammed Shami කඩුලු 2ක් හා Axar Patel එක් කඩුල්ලක් ලබාගැනීමට ද සමත්වුණා.
ඉන්දියා පලමු ඉනිම – සියලු දෙනා දැවී ලකුණු 252යි. වැඩිම ලකුණු Shreyas Iyer = 92
ශ්‍රී ලංකාව – 86/6 , නිරෝශන් දික්වැල්ල 13*
දනංජයගේ පන්දුවක් හමුවේ විරාට් කෝලි දැවීගිය ආකාරය,
— cric fun (@cric12222) March 12, 2022
— cric fun (@cric12222) March 12, 2022