පලමු වතාවට අයි.පී.එල් මග නවතියි.

මේ වන විට ඉන්දියාව පුරා පවතින්නෙ ඉතා භයංකාර තත්වයක් බවට නොරහසක් . තත්වය එසේ වුවත් මේ දක්වා කිසිදු අවදානමකින් තොරව අයි.පී.එල් තරගාවලිය පැවැත්වුනා.

කෙසේ නමුත් පසුගිය දිනකදී පලමු වරට අයි.පී.එල් ජෛව බුබුල තුලින්ද කොවිඩ් – 19 ආසාදිතයින් ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සන්දීප් වොරියර් සහ වරුන් චක්‍රවර්තී  හමුවීම හේතුවෙන් අයි.පී.එල් තරගාවලිය පැවැත්වීමද අවදානම් සහගත තත්වයක පැවතුනා. එය වඩාත් තීව්‍ර කරමින් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙක් වන ලක්ෂ්මිපති බාලාජි සහ එහි තවත් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක් හටද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වුනා.අද දිනයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ව්‍රිද්දිමාන් සහා හටද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් 2021 අයි.පී.එල් තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Naveen Krishmal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *