පලමු වරට පැවතී ලෙජන්ඩ් ලීග් තරඟාවලියේ ශූරතාවය වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) 2022 ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලෙස අද පැවතී ආසියා ලයන්ස් හා වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 25ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ප්‍රබල වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ආසියා ලයන්ස් කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට ලබාදුන් අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 256ක් ලබාගැනීමට සමත්වුණා.
වර්ල්ඩ් ජයන්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ 31ක් හැවිරිදි Corey Anderson පන්දු 46දී හතරේ පහර 7ක් හා එක් හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 94ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, ආරම්භක පිතිකරු Kevin Pietersen පන්දු 22කදී හතරේ පහර 2ක් හා හයේ පහරවල් 5ක් සමඟින් ලකුණු 48ක් ලබාගත් අතර, Brad Haddin පන්දු 16කදී ලකුණු 37ක් හා Daren Sammy පන්දු 17කදී ලකුණු 38ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී නුවන් කුලසේකර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 45කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතර, මුත්තයියා මුරලිදරන් ලකුණු 40කට එක් කඩුල්ලක් හා චමින්ද වාස් ලකුණු 47කට එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී ආසියා ලයන්ස් කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 231ක් පමණයි.
ආසියා ලයන්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු සනත් ජයසූරිය පන්දු 23කදී හතරේ පහර 5ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 38 ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව තිලකරත්න ඩිල්ශාන් පන්දු 16කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 25 හා උපුල් තරංග පන්දු 16කදී හතරේ පහරක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 25ක් ලබාගත් අතර, Mohommad Yousuf පන්දු 21කදී හතරේ පහරක් හා හයේ පහරවල් 4ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Albie Morkel පන්දුවාර 4 අවසානයේදී ලකුණු 35කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර, Monty Panesar ලකුණු 40කට කඩුලු 2ක් හා Ryan Sidebottom , Morne Morkel, Kevin Pietersen ද අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.
ඒ අනුව, ආසියා ලයන්ස් කණ්ඩායම පරාජය කරමින්, 2022 ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම විසින් දිනාගනු ලැබූ අතර, තරඟයේ වීරයා සම්මාන දිනාගනු ලැබූයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ corey Anderson වේ.
කුලසේකර ලබාගත් කඩුලු 3 හා, තිලකරත්න ඩිල්ශාන් රැකගත් උඩපන්දුව (වීඩියෝව)
Kulasekara ❤️? 3 Wickets pic.twitter.com/uztNrNR1T4
— Stay Cricket (@staycricket) January 29, 2022