පස්වන තරඟය ක්‍රීඩා කළ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට පහසු ජයක්.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 12වන තරඟය ලෙස පැවතී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම හා කැන්ඩි වොරියර්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්ථා කිරීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අද (12) සමත් වුණා. (අශේන් බණ්ඩාරගේ විශිෂ්ට උඩපන්දු රැකීමේ වීඩියෝ එක පහළින් නැරඹිය හැක)
තරඟයට කිහිපවතාවක්ම වර්ෂාවෙන් බාධා වුණ අතර කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලැබුණේ පන්දුවාර 12.2කට පමණයි.
මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 12.2ක් අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 94ක් ලබාගැනීමට සමත්වුණා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 34කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44 ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඉනිමේ ආරම්භක පිතිකරු Ahmed Shehzad පන්දු 19කදී හහරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබාගැනීමට සමත් වූ අතර මිනෝද් බානුක පන්දු 16කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 20ක් රැස්කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී වහබ් රියාස් පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 21කට එක් කඩුල්ලක් හා, ශොයිබ් මලික් පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 19කට එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත් විය.
වර්ෂාවෙන් අනතුරුව නැවතත් තරඟය ආරම්භ වුණ අතර ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීමට පන්දුවාර 10කදී ලකුණු 95ක ඉලක්කයක් හිමිවිය.
ඒ අනුව පිටියට පිවිසී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 8.4ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 95ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.
ජැෆ්නා කින්ග්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක තිසර පෙරේරා පන්දු 13කදී හතරේ පහර 4ක් එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් රැස්කිරීමට සමත් විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 12කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබාගැනීමට සමත් වූ අතර ශොයිබ් මලික් පන්දු 9කදී නොදැවී ලකුණු 14ක් ද ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු , සචිඳු කොළම්බගේ , නිමේශ් විමුක්ති අතරේ එක් කඩුල්ල බැඟින් බෙඳී ගියේය.
ඒ අනුව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම තරඟය කඩුලු 7කින් පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ තුන්ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ශොයිබ් මලික් වේ.
අශේන් බණ්ඩාර විසින් රැකගත් සුපිරි උඩපන්දුව (වීඩියෝ),
Ashen Bandara ?#LPL2021 pic.twitter.com/22gLC3j8Qv
— Stay Cricket (@staycricket) December 12, 2021