පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 254/4 යි. මැතිව්ස්ගෙන් විශිෂ්ට ශතකයක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය අද (15) ආරම්භක වූ අතර, පළමු දිනය අවසන් වන විට ශතකයක් හා අර්ධ ශතකයක් ඇතුළත්ව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 258ක් ලබාගැනීමට සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා ඉනිම ආරම්භක වෙමින් ලකුණු 23ක් වන විට නායක දිමුත් කරුණාරත්න Nayeem Hasan ගේ පන්දුවක් හමුවේ ලකුණු 9කට දැවීගියා.
පසුව ඕෂධ ප්‍රනාන්දු සමඟින් එක්වූ කුසල් මෙන්ඩිස් කණ්ඩායමට තවත් ලකුණු 43ක් එක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ දෙවෙනි කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු පන්දු 76කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබාසිටියදී දැවී ගියා.
ඉන් අනතුරුව පිටියට පැමිණී ඇන්ජලෝ මැතිව්ස් සමඟින් එක්වු කුසල් මෙන්ඩිස් ලකුණු 92ක විශිෂ්ට සබඳතාවයක් එක් කළ අතර එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 131කට මුහුණදෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබාගැනීමට සමත්වුණා. කුසල් මෙන්ඩිස් මෙම ලබාගත් අර්ධ ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ 13 වන අර්ධ ශතකය වන අතර බංගලාදේශයට එරෙහිව ලබාගත් 2වන අර්ධ ශතකය වේ.

දිවා ආහාරයෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් දැවීගිය පසු පන්දුවට පහර දීමට පැමිණී දනංජය ද සිල්වාට පන්දු 27කට මුහුණදෙමින් ලබාගැනීමට හැකිවූයේ ලකුණු 6ක් පමණයි.
දනංජයගේ දැවීයාමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් සමඟින් එක්වූ ඡේශ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 75ක නොබිඳිනු සබඳතාවයක් එක්කිරීමට සමත්වුණා.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් තම ටෙස්ට් දිවියේ 12 වන ශතකය ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 213කදී හතරේ පහර 14ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 114ක් ලබාගෙන සිටිනවා. මෙම ශතකය ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශයට එරෙහිව ලබාගත් පළමු ටෙස්ට් ශතකය ද වේ.

ඊට අමතරව ඇන්ජලෝ මැතිව්ස් හට අගනා සහයක් ලබාදෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට දායකත්වයක් ලබාදුන් දිනේශ් චන්දිමාල් පලමු දිනය අවසන් වනවිට පන්දු 77කට මුහුණදෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබාගෙන සිටිනවා.
පන්දු යැවීමේදී Nayeem Hasan පන්දුවාර 16ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 71කට කඩුලු 2ක් (දිමුත් කරුණාරත්න & ඕෂධ ප්‍රනාන්දු) බිඳ දැමූ අතර, Taijul Islam ලකුණු 73කට එක් කඩුල්ලක් (කුසල් මෙන්ඩිස්) හා ශකිබ් අල් හසන් ලකුණු 27කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.
කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකයත්, ඇන්ජලෝ මැතිව්ස්ගේ ශතකයත් ඇතුළුව තරඟයේ පලමු දිනයේ Highlights , (vide0)