ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුලත් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් අද (25) දින නිළ වශයෙන් නම් කර තිබෙනවා.

 

එම සංචිතය සඳහා නිමාවූ LPL තරඟාවලියේ හා සිම්බාබ්වේ කණ්ඩායට එරෙහිව පැවතී එක්දින තරඟාවලියේ දස්කම් දැක්වූ ජෙෆ්රි වැන්ඩසේ ඇතුළත් වන නමුත්, නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවතී ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි රොශේන් සිල්වා මෙවර සංචිතයට නම් කර නොමැත.

ඊට අමතරව පෞද්ගලික හේතුවක් මත බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවතී ටෙස්ට් තරඟාවලියෙන් ඉවත්වූ ළහිරු තිරිමාන්නද නැවත සංචිතයට ඇතුළත් කර තිබෙන අතර, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරඟාවලියෙන් ඉවත්වූ දනංජය ද සිල්වා ද මෙම සංචිතයට ඇතුළත් වී තිබෙනවා.

 

මෙම තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවට වාර්ථා වූ අතර, කලකට පසු විශ්ව ප්‍රනාන්දු ද සංචිතයට එක්කරගෙන තිබෙනවා.

මීට අමතරව විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් මාස 6ක කාලයක් පමණ ජාත්‍යන්තර තරඟ තහනමකට ලක්වී සිටි කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල ද නැවත ශ්‍රී ලංකා සංචිතය ඇතුළත් කර තිබෙනවා.

 

ඒ අනුව, දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය.

1) දිමුත් කරුණාරත්න – Captain

 

 

2) පැතුම් නිස්සංක

 

 

3) ළහිරු තිරිමාන්න

 

 

4) දනංජය ද සිල්වා

 

 

5) කුසල් මෙන්ඩිස්

 

 

6) ඇන්ජලෝ මැතිව්ස්

 

 

7) චරිත් අසලංක

 

 

8) නිරෝශන් දික්වැල්ල

 

 

9) දිනේශ් චන්දිමාල්

 

 

10) චාමික කරුණාරත්න

 

 

11) රමේශ් මෙන්ඩිස්

 

 

12) ලහිරු කුමාර

 

 

13) සුරංග ලක්මාල්

 

 

14) දුශ්මන්ත චමීර

 

 

15) විශ්ව ප්‍රනාන්දු

 

 

16) ජෙෆ්රි වැන්ඩසේ

 

 

17) ප්‍රවීන් ජයවික්‍රම

 

 

18) ලසිත් ඇඹුල්දෙණිය

 

 

දෙරට අතර තරඟාවලියේ පලමු තරඟය මාර්තු 04 වන දිනත්, දෙවන තරඟය මාර්තු 12 වන දිනත් ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *