ප්‍රබල ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ අවසන් මහා තරඟයට…
(වීඩියෝ පහළින් නැරඹිය හැක) IPL තරඟාවලියේ Qualifier 1 තරඟය ලෙස අද (24) පැවතී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ප්‍රබල ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාන්ඩ්‍යා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු ලකුණු 188ක් ලබාගැනීමට සමත්වුණා.
රාජස්ථාන් ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ ජෝස් බට්ලර් පන්දු 56කට මුහුණදෙමින් හතරේ පහර 12ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 89ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව නායක සන්ජු සැම්සන් පන්දු පන්දු 26කදී හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 47ක් ලබාගත් අතර දෙව්දත් පඩික්කල් පන්දු 20කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ද ලබාගැනීමට සමත්විය. පෙර තරඟයේදී අර්ධ ශතකයක් ලබාගත් Yashasvi Jaiswal හට මෙම තරඟයේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 3ක් පමණයි.
පන්දු යැවීමේදී හර්දික් පාන්ඩ්‍යා පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 14කට එක් කඩුල්ලක් ද, මොහොමඩ් ශාමි , Yash Dayal හා Ravisrinivadam Sai Kishore එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා. ගුජරාට් ක්‍රීඩක රශීඩ් ඛාන් කඩුලු ලබානොගත්තත් ඔහුගේ පන්දුවාර 4 ලකුණු 15ක් පමණක් ලබාදී නිමාකිරීමට සමත්විය.
අනතුරුව ලකුණු 189 ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19.3 ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 191ක් ලබාගනිමින් තරඟය විශිෂ්ට අයුරින් ජයග්‍රහණයට කිරීමට සමත්වුණා.
ගුජරාට් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඩේවිඩ් මිලර් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අතර ඔහු පන්දු 38කදී හතරේ පහර 3ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 68 ලබාගැනීමට සමත්විය. අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණයට ලකුණු 16ක් අවශ්‍යව තිබූ බොහොතේ පිට පිට හයේ පහර 3ක් එල්ල කිරීමට ද ඩේවිඩ් මිලර් සමත්වුණා.
ඊට අමතරව නායක හර්දික් පාන්ඩ්‍යා පන්දු 27කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු පන්දු 21කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 35ක් හා මැතිව් වේඩ් පන්දු 30කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 38කට එක් කඩුල්ලක් බිඳ දැමූ අතර, Obed McCoy ද ලකුණු 40කට එක් කඩුල්ලක් බිඳ දැමීය. මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ යුස්වේන්ද්‍ර චහාල් හට මෙම තරඟයේදී කඩුලු ලබාගැනීමට නොහැකිවිය. | චහාල් 32/0 (4)
ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය පත්කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පලමු වතාවට ක්‍රීඩා කළ මෙවර තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ අර්ධ ශතකයක් ලබාගත් ඩේවිඩ් මිලර් වේ.
ඩේවිඩ් මිලර් අවසානයට එල්ල කළ හයේ පහර තුන. (වීඩියෝව)
උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ලිස්සා වටුනු හර්දික් පාන්ඩ්‍යා (වීඩියෝව)