ප්‍රබල ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පහසු ජයක් ලබාගැනීමට පන්ජාබ් කින්ග්ස් සමත්වෙයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 48 වන තරඟය ලෙස අද (3) පැවතී ගුජරාට් ටයිටන්ස් හා පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්ථා කිරීමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාට් කණ්ඩායමේ නායක හර්දික් පාන්ඩ්‍යා පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 143ක් පමණයි.
ගුජරාට් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Sai Sudharsan නොදැවී අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 50කට මුහුණදෙමින් හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Wriddhiman Saha පන්දු 17කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබාගත් අතර රාහුල් තේවටියා හා ඩේවිඩ් මිලර් දෙදෙනාම ලකුණු 11 බැඟින් ලබාගැනීමට සමත්වුණා. ගුජරාට් ටයිටන්ස් නායක හර්දික් පාන්ඩ්‍යා හට ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණයි.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් Kagiso Rabada පන්දුවාර 4 අවසානයේදී ලකුණු 33කට කඩුලු 4ක් දවාගැනීමට සමත්වූ අතර, Arshdeep Singh , rishi Dhawan හා Liam Livingstone අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
අනතුරුව ලකුණු 144ක පහසු ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 16 අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 145ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයගැනීමට සමත්වුණා.
පන්ජාබ් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ශිකර් දවාන් පන්දු 53කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව භානුක රාජපක්ෂ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 28කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබාගත් අතර, අවසනයේදී ලියම් ලිවින්ස්ටන් පන්දු 10කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 30ක් ලබාගැනීමට සමත්වුණා.
පන්ජාබ් කින්ග්ස් ඉනිමේ බිඳ වැටුනු කඩුලු දෙක ලබාගැනීමට සමත්වූයේ Mohammed Shami හා Lockie Ferguson වේ.
ඒ අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ 2 වන පරාජය උරුම කර දෙමින් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම මෙම තරඟයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබාගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ සුපිරි පන්දු යැවීමක නිරත වූ කගිසෝ රබාඩා වේ.
භානුක රාජපක්ෂගේ ඉනිම (වීඩියෝව)
ලියම් ලිවින්ස්ටන්ගේ වේගවත් ඉනිම (වීඩියෝව)