ප්‍රබල ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 45 වන තරඟය ලෙස පැවතී ලක්නව් සුපර් ජයන්ට්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 06 ක තියුණු ජයක් වාර්ථා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද (1) සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ලක්නව් කණ්ඩායමේ නායක ලෝකේෂ් රාහුල් පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 195ක් ලබාගැනීමට සමත්වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ලෝකේෂ් රාහුල් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 51කදී හතරේ පහර 4ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 77 ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Deepak Hooda පන්දු 34කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 13කදී ලකුණු 23ක් හා Marcus Stoinis පන්දු 16කදී ලකුණු 17ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

ලක්නව් ඉනිමේ බිඳ වැටුනු කඩුලු තුනම ලබාගැනීමට සමත්වූයේ Shardul Thakur වේ. ඔහු ලකුණු 40ක් ලබාදී කඩුලු 3 ලබාගත් අතර අන් කිසිදු පන්දු යවන්නෙකුට කඩුලු ලබාගැනීමට නොහැකිවිය.

අනතුරුව ලකුණු 196ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 189ක් පමණයි.

දිල්ලි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දිල්ලි නායක රිශාබ් පාන්ට් පන්දු 30දී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Axar Patel පන්දු 24කදී හතරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබාගත් අතර, Michell Marsh පන්දු 30කදී ලකුණු 44ක් හා Rovman Powell පන්දු 21කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 35ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් Mohsin Khan පන්දුවාර 4 අවසානයේදී ලකුණු 16කට කඩුලු 4ක් ලබාගැනීමට සමත්වුණා.  ඊට අමතරව දුශ්මන්ත චමීර , Ravi Bishnoi හා Krishnappa Gowtham අතරේ එක් කඩුල්ල බැඟින්ද බෙදීගියා.

 

 

ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 6කින්  පරාජයට පත්කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත්වීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ 2 වන ස්ථානයට පැමිණීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Mohsin Khan සමත්වුණා.

දුශ්මන්ත චමීර ලබාගත් කඩුල්ල (වීඩියෝව) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *