ප්‍රබල නවසීලන්තය පරදා ඕස්ට්‍රේලියා කණ්ඩායම 2021 විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගැනීමට සමත් වෙයි.
7වන වරටත් පැවැත්වූ විස්සයි විස්ස ලෝක කුසලානය තරඟාවලියේ අවසන් මහා තරඟයේදී නවසීලන්තය පරාජයට පත් කරමින් පලමු වරට විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 172ක් ලබාගැනීමට සමත් විය. නවසීලන්ත ඉනිම වෙනුවෙන් අවශ්‍ය මොහොතේදී ක්‍රියාත්මක වූ නායක කේන් විලියම්සන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 48කදී හතරේ පහර 10ක් හා හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 85ක් ලබාගැනීමට සමත් විය.
කේන් විලියම්සන් විසින් අද ලබාගත් ලකුණු 85, විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියකදී අවසන් මහා තරඟයේදී නායකයෙක් විසින් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර, මීට පෙර එම වාර්ථාවට හිමිකම් කියනු ලැබූයේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර වේ. (කුමාර් සංගක්කාර 2009 විස්සයි විස්ස ලෝක කුසලානයේදී අවසන් මහා තරඟයේදී පකිස්තානයට එරෙහිව පන්දු 52කදී නොදැවී ලකුණු 64ක් ලබාගැනීමට සමත් විය.)
කේන් විලියම්සන්ට අමතරව නවසීලන්ත ඉනිම වෙනුවෙන් Martin Guptill පන්දු 35කදී ලකුණු 28ක් හා Glenn Phillps පන්දු 17කදී ලකුණු 18ක් ද ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී Josh Hazlewood සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 16කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර, Azam Zampa ලකුණු 26කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Starc අද දින නවසීලන්ත පිතිකරුවන් හමුවේ ප්‍රහාරයකට ලක් වූ අතර, ඔහුගේ පන්දුවාර 4 තුළදි නවසීලන්තය විසින් ලකුණු 60ක් ලබාගැනීමට සමත් විය. Mitchell starc ලබා දුන් ලකුණු 60 ඉතිහාසගත වූයේ විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී පන්දු යවන්නෙක් ප්‍රතිවාදී කණ්ඩායමට ලබාදුන් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මීට පෙර වාර්ථාවට හිමිකම් කියනු ලැබූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග වේ. 2012 වසරේ පැවතී විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් ලසිත් මාලිංගගේ පන්දුවාර 4 තුළ ලකුණු 54ක් ලබාගැනීමට සමත් විය.
අනතුරුව, ලකුණු 173ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඕස්ට්‍රේලියාව පන්දුවාර 18.5කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 173ක් ලබාගැනීමට තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනාගැනීමට සමත් වූ 6වන කණ්ඩායම බවට පත්වීමට හැකිවිය.
ඕස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Mitchell Marsh පන්දු 50කදී හතරේ පහර 6ක් හා හයේ පහරවල් 4ක් සමඟින් නොදැවී ලකුණු 77ක් ලබාගැනීමට සමත් වූ අතර, ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 38කදී හතරේ පහර 4ක් හා හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 53ක් ද ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව ඔක්තෝබර් 17 වන දින ආරම්භ වූ 7 වන ලෝක කුසලානයේ ශූරයින් බවට පත්වීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර, අවසන් තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ Mitchell Marsh වේ.