ප්‍රවීන් ජයවික්‍රම අයි.සී.සී මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නිර්දේශිත නාම අතරට.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් තෝරාගනු ලබන මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිර්දේශිත නාම අද දින (8) ඉදිරිපත් කරනු ලැබුවා.


ඒ සඳහා ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුළත් වන අතර නිමා වූ බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරඟාවලියේදී ටෙස්ට් වරම් දිනා ගත් ප්‍රවීන් ජයවික්‍රමගේ නාමයද ඇතුළත් වී තිබෙනවා.

ප්‍රවීන් ජයවික්‍රම හැරුණු විට අනෙත් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ පකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලී සහ බංගලාදේශය සුපිරි පිතිකරු මුශ්පික රහීම් වේ.

 (Photo by Ishara S. KODIKARA / AFP) (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා ප්‍රේක්ෂකයන් හට මනාප පළ කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර ඒ සඳහා පහළ ඇති ලින්ක් එක මඟින් ගොස් ඔබට මනාප පළ කිරීමට හැකියාව ඇත.

හසන් අලී (පකිස්ථානය)  – ටෙස්ට් කඩුලු 14 යි. (සාමාන්‍යය 8.92)

ප්‍රවීන් ජයවික්‍රම (ශ්‍රී ලංකාව) – ටෙස්ට් කඩුලු 11 යි. (සාමාන්‍යය 16.18)

මුශ්පික රහීම් (බංගලාදේශය) එක්දින ලකුණු 237 (ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 79.00)

මනාප පල කිරීම සඳහා ක්ලික් කරන්න. (Click)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *