පැට් කමින්ස්ගේ වේගවත් අර්ධ ශතකය, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ජය ගෙනදෙයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 14 වන තරඟය ලෙස පැවතී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම  හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට  කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක Shreyas Iyer පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, Iyer ගේ ආරාධනයෙන් පලමු පන්දුවට පහර දුන්  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 කඩුලු 4ක් දැවී ලකුණු 161ක් ලබාගැනීමට සමත්විය.

මුම්බායි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Suryakumar Yadav පන්දු 36කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 52 ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව බ්බි AB නමින් හදුන්වන Dewald Brevis පන්දු 19කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබාගත් අතර, Tilak Varma පන්දු 27කදී නොදැවී ලකුණු 38ක් හා Kieron Pollard පන්දු 5කදී හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී පැට් කමින්ස් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 26කට කඩුලු 2ක් බිඳ දැමූ අතර Varun Chakravarthy හා Umesh Yadav අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

අනතුරුව ලකුණු 162ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 16 ක් පමණක් වැයකරමින් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 162ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.

එහිදී, වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැට් කමින්ස් පන්දු 15කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 4ක් හා හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබාගැනීමට සමත්විය.

 

 

මෙහිදී පැට් කමින්ස් විසින් පන්දු 14කදී තම අර්ධ ශතකය වාර්තා කළ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වාර්තාවී ඇති වේගවත් අර්ධ ශතකය ද සමකිරීමට පැට් කමින්ස් සමත්වුණා. (මීට පෙර KL රාහුල් පන්දු 14කදී අර්ධ ශතකයක් ලබාගෙන ඇත)

ඊට අමතරව ආරම්භක පිතිකරු වෙන්කටේශ් අයියර් පන්දු 41කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබාගත් අතර Sam Billings පන්දු 12කදී හයේ පහර 2 සමඟින් ලකුණු 17ක් ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී Tymal Mills පන්දුවාර 3 අවසානයේදී ලකුණු 38කට කඩුලු 2ක් හා Murugan Ashwin ලකුණු 25කට කඩුලු 2ක් දවාගත් අතර, පැට් කමින්ස්ගේ පහාරයට ලක්වූ Daniel Sams පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 50කට එක් කඩුල්ලක්ද බිඳදැමීමට සමත්විය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරඟාවලියේ තුන්වන ජය වාර්තා කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් ඉනිමක් හා පන්දු යැවීමෙන් කඩුලු 2ක් බිඳ දැමූ පැට් කමින්ස් වේ.

 

 

පැට් කමින්ස්ගේ වේගවත් පිතිහරඹය මෙන්න. (Video)

 

 

16 වන පන්දුවාරයේදී ලබාගත් ලකුණු 35 (Video)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *