පැතුම් නිස්සංක T20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමෙහි පලමු ස්ථාන 10 අතරට පැමිණීමට සමත්වෙයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) මඟින් සිදුකරන ලද ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමෙ නවතම යාවත්කාලීන කිරීම අද (2) දින සිදු කළ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් තම ස්ථාන වලින් පසුපසට ගොස් ඇති අතර තවත් ක්‍රීඩකයෙක් ඉදිරියටම පැමිණීමට සමත්වී තිබෙනවා.
එහිදි ප්‍රථම වශයෙන්, ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව සංචාරය ආරම්භක වීමේදී ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස සිටි වනිඳු හසරංග ඕස්ට්‍රේලියාවේදී කොවිඩ් 19 වෛරස ආසාදනය වීම හේතුවෙන් තරඟ ක්‍රීඩා කිරීමට නොහැකි වූ බැවින් පසුගිය සතිය වන විට අංක 4 ස්ථානය දක්වා පහළ බැසීම සිදුවී තිබුණා. (ඒ වන විට ඔහු ලබාගෙන සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 730ක්)
අද දින සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීමෙහි වනිඳු හසරංග තවත් ස්ථාන දෙකෙකින් පහළට යමින් අංක 6 දක්වා පහළට යාමට සිදුවී ඇත්තේ ප්‍රසාද ලකුණු 687 දක්වා ඇඩුවෙමින්.
ඒ අනුව, ඕස්ට්‍රේලියා ක්‍රීඩක Adam Zampa හා ඇෆ්ගනිස්තාන් ක්‍රීඩක රශීඩ් කාන් විසින් වනිඳු හසරංග පසුකරමින් පිලිවෙලින් අංක 4 හා 5 ස්ථාන දක්වා ඉදිරියට පැමිණීමට සමත්වී ඇත.
නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන කිහිපයක් පහළින්,
1) Tabraiz Shamsi – ප්‍රසාද ලකුණු 784
2) Josh Hazlewood – ප්‍රසාද ලකුණු 752
3) Adil Rashid – ප්‍රසාද ලකුණු 746
4) Adam Zampa – ප්‍රසාද ලකුණු 719
5) Rashid Khan – ප්‍රසාද ලකුණු 710
6) වනිඳු හසරංග – ප්‍රසාද ලකුණු 687
7) Mujeeb Ur Rahman – ප්‍රසාද ලකුණු 679
මේ අතර, ඕස්ට්‍රේලියා සංචාරයේදී මෙන්ම ඉන්දියා තරඟාවලියේදීද දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක 15 වන ස්ථානයේ සිටි අතර නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ස්ථාන 6කින් ඉදිරියට පැමිණෙමින් අංක 9 දක්වා පැමිණීමට සමත්වී තිබෙනවා.
මේ වන විට පැතුම් නිස්සංක ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 654ක්.
ඊට අමතරව වනිඳු හසරංගගේ තුන්ඉරියව් දක්ශතා හේතුවෙන් ඔහු විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමෙහි ද ඉදිරියෙන් සිටි නමුත් පසුගිය සතියේ අංක 7 ස්ථානයේ සිටි වනිඳු හසරංග මේ වන විට අංක 10 ස්ථානය දක්වා පහළ බැසීමට සිදුවී තිබෙනවා (T20 තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමෙහි වනිඳු හසරංගගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 141කි)
තවද, ආබාධ තත්වයක් හේතුවෙන් ඉන්දීය තරඟාවලිය අහිමි වූ මහීශ් තීක්ශණද ශ්‍රේණිගත කිරීම් වල පහළ බැසීමට සිදුවී තිබෙනවා.
මහීශ් තීක්ශණ ඕස්ට්‍රේලියාවේ දැක්වූ දක්ශතා හේතුවෙන් පසුගිය සතියේ අංක 17 දක්වා ඉදිරියට පැමිණීමට සමත්වූ නමුත් අද දින සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ඔහු නැවතත් ස්ථාන 6කින් පිටිපසට යමින් 23 වන ස්ථානයේ රැදී සිටිනවා.
වනිඳු හසරංගටත් පෙර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි පලමු ස්ථාන 10 අතරට පැමිණීමට සමත්වූ ලක්ශාන් සඳකැන් පසුව ඔහුට T20 කණ්ඩායමේද ස්ථානයක් ලබානොදීම හේතුවෙන් අද වන විට ඔහු T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටින්නේ 92 වන ස්ථානයේ වේ.